උණවටුණ රූමස්සල වෙරළ තීරයේ ගල් පර්වතයක් මත නැගී සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී මුහුදට වැටී අතුරුදහන් වූ තරුණයින් දෙදෙනාගෙන් එක් අයකුගේ මළ සිරුර අද (18) සොයාගත් බව
හබරාදුව පොලිසිය පවසයි.
හමුවී ඇත්තේ නිලංග මලිත් නමැති තරුණයාගේ මළ සිරුරය.
ඒ ආසන්න මුහුදු තීරයේ 
මෙම තරුණයාගේ මළ සිරුර  පාවෙමින් තිබියදී නාවික හමුදාව මගින් සොයාගෙන ඇත.
තරුණයින් තිදෙනෙකු ගල්පර්වතයට නැගී සෙල්ෆි ඡායාරූප ගසමින් සිටියදී රළ පහරකට හසුව  මුහුදට වැටී ඇත. මින් එක් තරුණයකු ගල් පර්වතයක එල්ල දිවි බේරාගත්තේය.
මෙසේ අතුරුදහන්වූයේ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචි 19 හා 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.
නිලංගගේ සිරුර හමුවුවත් අතුරුදන් බවට සැකකෙරෙනව කවිඳු ජයසිංහ තවම හමුවී නැත.
හමුවූ තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතය.