https://www.gossiplankanews.com/2019/07/uk-garbage-issue-sri-lanka.html
සුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දුන් එංගලන්තයේ සිට මෙරටට නැව්මගින් එවා තිබූ කසල තොගය යලි භාරගැනීම සම්බන්ධයෙන් එංගලන්තයේ අදාල ආයතනවලින් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇති බව
මධ්‍යම පරිසර අධිකාරිය දන්වා ඇත.
අදාල ආයතන සමඟ මෙම කසල තොගය බාරදීම සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා ඇති බව එහි උපද්‍රකාරී අපද්‍රව්‍ය සහ රසායනික කලමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර දන්වා සිටී.
දැනට කසල තොගයෙන් කොටසක් කටුනායක නිදහස් වෙලද කලාපයේ පවතින

අතර බහාලුම් 111 ක අඩංගු කසල තොගය කොළඹ වරායේ අන්තර්ජාතික බහලූම් පර්යන්තයේ පවතියි.
මෙම කසළ නීතියට පටහැනිව හෝ පරිසරයට හානිකර ලෙස කිසිදු කටයුත්තකට යෙදීම තහනම් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට දැනුම්දීමක් කර තිබුණි.
මෙම බහලුම් තුළ මිනිස් ශරීර කොටස් සහ සායනික අපද්‍රව්‍ය පවතින බවට තොරතුරු වාර්තාවූ අතර ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂකගෙන් විමර්ශන වාර්තාව තවම ලැබී නැත.
ශ්‍රී ලංකාවේ ඇතිවූ සිදුවීමට සමාන සිදුවීමක් මැලේසියාවේද පසුගියදා සිදුව තිබූ අතර එහිදී කසල තොගය යළි ආපසු එංගලන්තයට හරවා යවා තිබුණි.