ලසිත් මාලිංග සම්බන්ධ ප්‍රශ්න පැනනැගුණ පසුගිය කාලයේ තමා ඒ ගැන සොයා බලා කථාකරන්නට ගිය
බවත් රටක් වටින මේ

ජාත්‍යන්තර ක්‍රීඩකයා ගැන ඇතැම් දේශපාලනඥයින්ට තිබුනේ පලිගැනීමේ අරමුණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසයි. දැනට වසර 2කට පමණ පෙර ලසිත් මාලිංග සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය ගැන තමා දුරකථනයෙන් අදාළ වගකීම සහිත ප්‍රබලයාව ඇමතූ බවත් එම අවස්ථාවේ ඔහු කියා සිටියේෙ‘මං ඕකගේ ක්‍රිකට් තහනම් කරනවා’ යන්න බවත් මන්ත්‍රීවරයා
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනහමුවක් අමතමින් කීය.