පසුගිය දිනවල ඇති වූ ස්වභාවික විපත් හේතුවෙන් අඩාල වූ දකුණු පළාතේ විදුලි සැපයුම ඉතා කෙටි කාලසීමාවකින් යථා තත්වයට පත්කිරීමට හැකි වූ බවත් ඒ සඳහා රුපියල් මිලියන 84ක මුදලක් වැය වූ බවත්
විදුලිබල, බලශක්ති
සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය. පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ඇතුළු අදාළ නිලධාරින් හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

අයහපත් දේශගුණික තත්වයන් හමුවේ හානියට පත් නිවාස 174,000කට පමණ දින 5ක් වැනි ඉතාම කෙටි කාලසීමාවක් තුළ විදුලිය යථා තත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ දකුණු පළාත් භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රමුඛ සේවක පිරිසට හැකි වීම ඉතාමත් ප්‍රශංසනීය කරුණක් බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

-තියේෂා ද සිල්වා-