https://www.gossiplankanews.com/2019/07/sajith-death-threat.html
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැවති උත්සවයකදී තමා ඝාතනය කිරීමේ තැතක් සම්බන්ධ හෙළිදරව්වක් සිදු කළේය.
පසුගියදා ඇමති සජිත්ගේ බිරිය ආර්යාව ලෙස තමුන්ව හඳුන්වාගනිමින්
ආන්දෝලනාත්මක කථාවක් කිරීමෙන් පසු සමාජ මාධ්‍ය තුළ සජිත්ට හා බිරියට එරෙහිව විවිධ උපහාසාත්මක වැකි සංසරණය විය.
ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ(17) පැවති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේ ජනතා සේවයට කැප වෙමින් තමා යන ගමන වැළැක්වීමට බොහෝ පිරිස් උත්සාහ

දරමින් සිටිව බවත් ඇතැමුන් තමාගේ චරිතය ඝාතනය කිරීමට ක්‍රියා කරන බවත්ය.
“උඩුගම් බලා පිහිනනකොට සමහර නරි ගං ඉවුර දෙපැත්තේ ඉදන් හූ කියනවා. අපේ උදාගම්මාන වැඩසටහනත් උඩුගම් බලා පිහිනන වැඩසටහනක්.
නමුත් කණගාටුවට කාරනාව අර ඉවුර දෙපැත්තේ ඉන්න නරි කොට්ඨාශය දිගටම චරිත ඝාතනය කරනවා. කොච්චර විවේචනද? කොච්චර තර්ජනද කිව්වොත් මාව මරලා දායිද කියලා වෙලාවකට හිතෙනවා.  ඒ තරමටම හිතේ තරහ තියනවා. දෙපැත්තේ ඉන්න නරිටික දේශපාල ග්‍රැනයිට් අතේ තියන් ඉන්වා සජිත් ප්‍රේමදාසට දමලා ගසන්න.“
ඔහු කීවේය.