දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතාට විපක්ෂ නායකවරයා  වශයෙන් දී තිබූ රජයේ නිල නිවෙසින් ඉවත් වන්නැයි සිහිකැඳවීම් කිහිපයක්ම කර ඇතත් ඔහු ඒ නිවෙසින් තවමත් ඉවත්ව ගොස් නැතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

සම්පන්දන් මහතාට සිහි
කැඳවීම් ලිපියක්  මෑතකදී ද යැවූ බව ඒ නිලධාරියා කීය. සම්පන්දන් මහතාට මන්ත්‍රීවරයකු ලෙස ලබාදී තිබූ නිල නිවෙසක් සහ විපක්ෂ නායක  ලෙස ලබාදී තිබූ නිල නිවසත් යන දෙකම මේ වනවිට පාවිච්චි කරන හෙයින් ඔහු විපක්ෂ නායකවරයා වශයෙන් ලබාගෙන තිබූ නිල නිවස තවදුරටත් පාවිච්චි කිරීම නීති විරෝධී නිසා ඔහු ඒ නිවෙසින් ඉවත්විය යුතු බව අමාත්‍යාංශ නිලධාරීහු කියති. සම්පන්දන් මහතා 2015 සිට සැප්තැම්බර්
3 වැනිදා සිට 2016 දෙසැම්බර් 18 වැනිදා දක්වා වසර තුනක පමණ කාලයක් විපක්ෂනායකවරයා ලෙස කටයුතු කළේය.

මේ අතර හිටපු ඇමැතිවරුන් 12ද ඇමැතිවරුන් ලෙස ලබාගෙන තිබූ රජයේ නිල නිවාස තවමත් බාරදී නැතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් පැවසේ.

රජයේ නිල නිවාස වලින් ඉවත් වන්නැයි ඒ හිටපු ඇමැතිවරුන්ටද සිහි කැඳවීම් කිහිපයක්ම කර ඇතැයි කියති.

-සුජිත් හේවාජුලිගේ-