https://www.gossiplankanews.com/2019/07/ransome-buggers-hanwella.html
න්ධනාගාර ගතව සිටින පාතාල සාමාජිකයන් සහ තවත් සැකකරුවන් වරින් වර දුරකතනයෙන් කප්පම් ඉල්ලීම හේතුවෙන් කප්පම්කරුවන්ගෙන් බේරිම සදහා හංවැල්ල. ඇඹුල්ගමෙ, නවගමුව, රණාල, ආටිගල, ජල්තර යන ප‍්‍රදේශවල නිවෙස් හිමියන් බොහෝ දෙනෙකු සිය නිවාසවල ගෘහස්ථ දුරකතන විසන්ධි කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
අංක 0112-415 සිට පටන් ගන්නා දුරකථනවලට මෙලෙස කප්පකරුවන් නිතර නිතර කතා කරන බැවින්
එම අංකවලින් පටන් ගන්නා ස්ථාවර දුරකතන රැසක් මෙලෙස විසන්ධි කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය.

කප්පමකරුවන් දුරකතනයෙන් කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන් නවගමුව පොලිසියට පැමිණිලි 8 ක්,
හංවැල්ල පොලිසියට පැමිණිලි 13 ක්

දැනට ලැබී ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.  වැලිකන්දේ සුද්දා නමැත්තා බන්ධනාගාරයේ සිට දුරකතනයෙන් කප්පම් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මෙම සිද්ධිය හෙළි කරගෙන ඇත.

 ඇතැම් පුද්ගලයන් කප්පම්පාකරුවන්ට බියෙන් පොලිසිවල පැමිණිලි නොකර එම කප්පම්කරුවන්ට ඉල්ලා සිටින මුදල් ගෙවා ඇති බවට තොරතුරු ලැබි ඇති බව ද එම උසස් නිලධාරියා කිය.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය (මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය) පුද්ගලයන් රැසක් කපකරුවන්ට කප්පම් මුදල් ගෙවා ඇති බැංකු වාර්තා රැසක්ම ලබාගෙන ඇති බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙලෙස කප්පම් ගෙවා ඇති බොහෝ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් කිසිදු පොලිසියකට පැමිණිලි කර
නොමැති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

-ඉන්දිකා රාමනායක-