https://www.gossiplankanews.com/2019/07/ranjan-prime-minister.html
භික්ෂුන් වහන්සේලාට අපහාස වන අන්දමින් සිදුකළ ප්‍රකාශයක් පිළිබද කරුණු විමසීමට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද (17) අග්‍රාමාත්‍යවරයා හමුවට
කැදවා ඇත.
යූටියුබ් නාලිකාවක අදහස් දක්වමින් රාජ්‍ය ඇමති රන්ජන් කියා සිටියේ..

'ඔය කෑගහන ස්වාමීන් වහන්සේලා බලන්න මම කියනවට සියයට 90 ක්ම පොඩි කාලෙ අපචාර වලට ලක්වෙලා ලිංගික අතවර වලට ලක්වෙලා ඩිස්ටර්බ් වෙච්ච මනසින් ඉන්නෙ. ඔවුන් ඉල්ලන්නෙ ලේ. ඔවුන් ඉල්ලන්නෙ වෛරය..
නම් වලින් කියන්න අවශ්‍ය නෑ කවුරුත් දන්නවනෙ කවුද කියලා..'
ලෙසිනි.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද පස්වරු 3 ට අරලියගහ මන්දිරයේදී කරුණු දක්වන ලෙස රන්ජන් රාමනායක අමාත්‍යවරයාට දැනුම්දී ඇත.
 භික්ෂුන් වහන්සේලාට අපහාස වන අන්දමින් සිදුකළ ප්‍රකාශය පිළිබදව ලිඛිතව පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට ලිපියකින් දැනුම් දී තිබේ.

රන්ජන් රාමනායකගේ ප්‍රකාශය පක්ෂයේ අදහස සමග පරස්පර බව එමගින් පෙන්වා දී ඇත.කෙසේ වෙතත් මේ ගැන අදහස් දක්වා තිබෙන රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ තමන්ගේ කතාව ඉලක්ක වූයේ 'සමහර හාමුදුරුවන් ගැන' පමණක් බවත්

සමාජ මාධ්‍ය තුළ සිය අදහස විකෘති කර සමහර යන්න වෙනුවට ගරුතර ස්වාමීන් වහන්සේලා යනුවෙන් වෙනස් කර වැරදි අදහසක් ප්‍රචලිත කර ඇති බවත්ය. එම විකෘති අදහස නිසා තමා ගැන වැරදි අවබෝධයක් ප්‍රචාරය වන බවත් ඒ නිසා ඒ අදහස් ප්‍රචාරය කළ අයට එරෙහිව නීතිය මගින් කටයුතු කරන බවත් ඔහු දන්වා ඇත.