වවුනියාව විලක්කුවයිත්ත කුලම් ප්‍රදේශයේදී නැවත පදිංචි වැසියෙකු විසින් සිය ඉඩම පස් කපන යන්ත්‍රයක්
යොදා පිළිසකර කරමින් සිටින අතරතුරදී වළදමා තිබූ බිම්බෝම්බ තොගයක් ඊයේ (16) සවස හමුවී ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.

අදාළ  වැසියා යුද්දෙන් පසුව නැවත
පදිංචි වී ඉඩම එළිපෙහෙළි කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ඉඩම පස් කපන යන්ත්‍රයක් දමා පිළිසකර කරමින් සිටින අතරතුරදී බිම් බෝම්බ කිහිපයක් මතු වී ඇත.

අනතුරුව ඒ බව ඕමන්ත පොලීසියට දැනුම් දීමෙන් පසුව සිදු කරන ලද සොදිසියකදී බිම්බෝම්බ 07ක් සොයාගෙන ඇති අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් වළ  දමා ඇති බවට ඕමන්ත පොලීසිය සැක පළ  කර සිටියි.

සොයාගත් බිම්බෝම්බ අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය හරහා නිෂ්ක්‍රීය කිරිමටද පියවර ගෙන ඇති බවට ඕමන්ත පොලීසිය වැඩිදුරටත් පැවසීය.

වව්නියාව මධුශංක අමරසිංහ