https://www.gossiplankanews.com/2019/07/presidents-fund-data-logger.html#more
නාධිපති අරමුදලේ දත්ත ගබඩාවට අනවසරයෙන් ප්‍රවිෂ්ඨ වී මුර පද වෙනස් කළැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු
තාක්ෂණ නිලධාරිවරයකු රුපියල් 10,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අනියරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය ඊයේ (1) නියෝග කළාය.

අත්‍යවශ්‍ය

සහ රහසිගත තොරතුරු සහිත කිසිදු ජාලයක් වෙන කිසිදු ආකාරයෙන් සම්බන්ධ නොවන ලෙසත්, සාක්ෂිකරුවන්ට බාධා නොකරන ලෙසත් ඇප කොන්දේසි පැනවූ අධිකරණය, සෑම ඉරු දිනකම පෙරවරු 9ත් 12ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාරිකමේන්තුවේ පෙනී සිටින
ලෙසට ද නියම කළාය. මෙලෙස ඇප මත මුදාහැරුෂයේ අංක 5/ඒ, වෙලගන, දිවුලපිය පදිංචි ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ නිලධාරියකු වන ගුරුබැවිලගේ රොහාන් තිලංග ගුණරත්න නමැත්තාය. මෙම සිද්ධිය සමීඛන්ධයෙන් අපරාධ පරික්ෂණ
දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික විද්‍යාගාරය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුනේ ජනාධිපති අරමුදලේ ලේකම් ඩි.එන්. නානායක්කාර මහතා විසින් ඉකුත් 26 වැනිදාය.

මෙම සැකකරු ඉකුත් 24 වැනිදා සහ 25 වැනිදා යන දෙදින තුළ ජනාධිපති අරමුදලේ පරිගණයක දත්ත ගබඩාවට අනවසරයෙන් ඇතුළු වී පැය දෙකකට ආසන්න කාලයක් එහි සැරීසරා ඇති ඛවත් ඊට අදාළ ලොග් සටහන් යොදා
නොමැති ඛවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරමින් සඳහන් කළේය. මෙම සිද්ධියට අදාළව සැකකරු භාවිත කළ පරිගණක දෙකක් ඔහුගේ කාර්යාලයේ තිබී අත්අඩංගුවට ගනු ලැබූ බවත් සැකකරු භාවිත කළ අයි.පී. අංකයෙන් ඔහු සිදුකර ඇති වරද අනාවරණය වී ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබිය. මෙම සැකකරු මෙලෙස අදාළ පරිගණක දත්ත ගබඩාව වෙන අනවසරයෙන් ප්‍රවිෂ්ඨ වී ඇත්තේ කුමන කාරණයක් නිසා දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරමම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඉදිරි දිනයේදී කරුණු ඉදිරිපත් කරනු ඇත.
ඉදිරිපත් වූ කරුණු සැලිකිල්ලට ගත් අධිකරණය සැකකරු ඇප මත මුදාහරිමින් සිද්ධියට අදාළ ප්‍රගතිය වාරිතා කිරීම සඳහා නඩුව ලබන අගෝස්තු මස 20 වැනිදා තෙක් කල් තැබිය.

නිමන්ති රණසිංහ