ස්වතාවක් විම්බල්ඩන් ශූරතා දිනූ ලෝක ටෙනිස් ශුරී වීනස් විලියම්ස් ඊයේ 15 හැවිරිදි කෝරී ගවූෆ් නමැති ක්‍රීඩිකාවක හමුවේ අන්ත පරාජයක් හිමිවිය. 2019 විම්බ්ලීඩන් කුසලානය සදහා මූලික වටයේ තරග අතරතුර මෙම පරාජය වාර්තා විය.
කෝරී ගවුෆ් ලෝක ටෙනිස් ක්‍රීඩිකා ලැයිස්තුවේ
සිටින්නේ 313 වන ස්ථානයේ

වන අතර වයස 39 ක් වන
වීනස් විලියම්ස් පරාජය වීම ටෙනිස් රසිකයින්ට පුදුමයට කරුණක් විය.
මෙම ජයග්‍රහණය සමග 1968 වසරට පසු විම්බල්ඩන් ලෝක ශූරතාවලිය සදහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලත් ළාබාලතම ක්‍රීඩාකව බවට කෝරී ගවුෆ් පත්විය.
ඇය ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ තවමත් පාසල් යන වියේ පසුවන්නියකි.
කොකෝ යන ආදර නාමයෙන් හඳුන්වන ඇයව පාසලේ ගුරුවරුන් විසින් දිරිමත් කර මෙම තරගයට ඉදිරිපත් කර තිබූ අතර මෙම ජයග්‍රහණය ඇය විශ්වාස කළ එකක් නොවූ බවද දන්වා ඇත. මෙතරම් විශාල තැනක මම ක්‍රීඩා කරල පුරුදු නෑ. ඒත් මං හිතුවෙ නෑ වීනස් විළියම්ස්ව පරද්දන්න මට හැකිවේවි කියලා ඇය කියා තිබේ.
වීඩියෝව පහතින්