ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ඉවහල් වන මාර්ග ඉදිකිරීමේ දී සිදුකළ  යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරික්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන් සිදුකළ හැකි පරිගණක මෘදුකාංගයක් නිපදවීම වෙනුවෙන් නවීන තාක්ෂණය හා බැඳුණු නව නිපැයුම් ඇගයීම වෙනුවෙන් Construction of Industry Solutions
(COINS) ආයතනය මගින් ලොව රටවල් ගණනාවක නව නිපැයුම්කරුවන්ගේ සහභාගීත්වයෙන්  වාර්ෂිකව පවත්වනු ලබන තරගයේ ප්‍රථම ස්ථානය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවියක වන චතුරංගී එදුසූරිය විසින් හිමිකර ගනු ලැබුවාය.

 මෙම නවීන නිපයුම
මගින් මාර්ග ඉදිකිරිමේ දී සිදුකළ යුතු ප්‍රමුඛනම කාර්යයක් වන පස් සාම්පල පරික්ෂාව  අදාළ ස්ථානයේදීම පහසුවෙන්  සිදුකළ හැකි පරිගණක මෘදුකාංගයක්  ඇය නිරිමාණය කර ඇත.

ජාලය  ඔස්සේ අදාළ දත්ත ජංගම දුරකතනයට ලබා ගත හැකි බව ද චතුරංගී පවසයි.

ඇමරිකාව, එංගලන්තය හා චීනය ද තමන් සමග එංගලන්තයේ පැවැති මෙම තරගාවලියේ අවසන් වටයට සහභාගි වූ අතර සියලු කරගකරුවන්ගේ නිර්මාණ අතුරෙන් තම නිර්මාණය හොඳම නිර්මාණය
ලෙස තේරුණු බවත් ඇය සඳහන් කළාය.

අධිවේගී මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග ඉදි කිරිමේ දී පස් සාම්පල පරික්ෂාව සඳහා විද්‍යාගාරවලට ගෙන යා යුතු බවත් මේ සඳහා අධික වියදමක් මෙන්ම කාලයක් ද ගත වන බවත් කි චතුරංගී නව නිර්මාණය ක්‍රියාවට නැංවීම මගින් මුදල් මෙන්ම කාලයද ඉතිරි කරගත හැකි යැයි ද ප්‍රකාශ කළාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජීනේරු දෙපාර්තුමේන්තුවේ මහාචාර්ය එස්.බි.එස්. අබේකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ඇය මෙම නිර්මාණය ඉදිරිපත් කර ඇත.

 පශ්චාත් උපාධි අපේක්ෂක ජානක වික්‍රමසූරිය මහතාගේ සංකල්පයක් මත මෙම පස් සාම්පල අදාළ ස්ථානයේදිම පරීක්ෂා කිරීමට අවශ්‍ය පරික්ෂණ සිදුකළ බවත් එහි ප්‍රතිඵල ජංගම දුරකතනයට පහසුවෙන් ලබාගත හැකි මෘදුකාංගය තමන් නිර්මාණය කළ බවත් ඇය සඳහන් කළාය.