https://www.gossiplankanews.com/2019/07/nuwan-kulasekara-back-again.html#more
බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලසිත් මාලිංග වෙනුවෙන් නම් කරන බවද  තරගාවලියේ අවසන් තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම් කරන බවද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.මෙම තරග 2 දී මාලිංග හා නුවන් වෙන වෙනම සමුගැනීමේ අවස්ථා
සමරනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යැවීමේ අංශයේ විශිෂ්ට මෙහෙවරක නිරතවූ නුවන් කුලසේකර කිසිදු කතාවක් නොමැතිව පසුගිය කාලයේ සමුගන්වා තිබීම ගැන මුලින්ම කථා කළේ ලසිත් මාලිංගයි. පසුව එය පසුගියදා ක්‍රිකට් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසනු ලදුව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්

තමා නුවන් ගැන නොදන්නා බව කීම ආන්දෝලනයට තුඩු දුණි.
නුවන් කුලසේකර සම්බන්ධයෙන් අසාධාරණයක් සිදුවූ බවට සමාජ මාධ්‍ය තුළ කතාබහක් ගොඩ නැගුනේ ඉන් පසුවයි. එම කතා අවසන් කරමින් ඇමති හරීන් නුවන් කුලසේකරට ගෞරවනීය සමුගැනීමක් ලබාදීමට ඒ අනුව පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරගාවලියට නුවන් කුලසේකර තවම නම්කර නැති අතර ඔහු සමුගැනීමේ අවස්ථාව සමරනු ඇත්තේ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස පැමිණද නැතිනම් වෙනම පැමිණද යන්න අද ක්‍රීඩා අමාත්‍යවරයා දන්වා සිටියේ නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙක් මෙන්ම අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් මින් පෙර ලිඛිත ඉල්ලීමක් කර තිබුණි.
ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා මහතා මාධ්‍ය කළ විමසීම් වලදී පැවසුවේ මේ සම්බන්ධයෙන් සලකා බලා තීරණයක් ගන්නා බවයි.
අද ඇමතිවරයා ප්‍රකාශ කළ පරිදි බංග්ලාදේශ කණ්ඩායම හා ජුලි 26 දා පැවැත්වෙන පළමු තරගයෙන් පසුව මාලිංග එක්දින පිටියෙන් සමුගන්නා අතර අවසන් එක්දින තරගය යෙදෙන 31 වනදා නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගනු ඇත.