මුහුද ගොඩකරමින් ඉදිකළ කොළඹ වරාය නගරය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ, කොළඹ ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාසයට ඇතුළත් කිරීමේ

යෝජනාව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු අතර යෝජනාව අද(23) ඡන්ද විමසීමකින් තොරවම සම්මත විය.

ඒ අනුව කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අලුතෙන් හෙක්ටයාර 446.16ක් එසේත් නොමැතිනම් අක්කර 1105ක් එක්වනු ඇත.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවට මුහුද ගොඩකරමින් සකස් කළ ඉඩම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එක්විය. අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රී මුද්‍රණය වනු ඇත.