https://www.gossiplankanews.com/2019/07/new-zealand-beat-india.html
ද දින එංගලන්තයේ මැන්චෙස්ටර්හි පැවති ලෝක කුසලාන අර්ධ අවසන් තරගයෙන් ඉන්දියාව පරදා අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්තය සමත් විය.
ඊයේ දිනයේ වර්ෂාව නිසා
දෙවැනි දිනයට කල් තැබීමෙන් පසු නවසීලන්තය ලකුණු 240 ක ඉලක්කයක් ඉන්දියාවට ලබාදුන් අතර ඉන්දියාව මුල සිටම අසාර්ථකවීම නිසා මෙම ඉලක්කය සපුරා ගැනීමට අපහසු විය.
 7 වන කඩුල්ල වෙනුවෙන් දෝනි හා ජඩේජා එක්වී ලකුණු 100 කට වැඩි සබඳතාවක් පවත්වාගෙන ගියද ජඩේජා දැවී ගොස්

අවසන් ඕවර වලදී එම සබඳතාව ගිලිහී යාමෙන් පසු ඉන්දියාවට ඉලක්කය ගිළිහී ගියේය.
ඒ අනුව ලකුණු 221 කට ඉන්දීය ඉනිම සීමාවූයේ 49.3 ඕවරයේදීය.
පළමු වටයේ තරග වලින් ඉදිරියෙන්ම සිටි ප්‍රබලම කණ්ඩායම වූ ඉන්දියාව මේ ආකාරයට අවසන් තරගයට සුදුසුකම් නොලැබීම අවාසනාවන්ත කරුණක් විය.
හෙට ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග නවසීලන්තය අවසන් තරගයට මුහුණදෙනු ඇත.