මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දමා තිබේ.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ, රුපියල් 02කිනි.

ඔක්ටේන් 95 වර්ගයේ
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05 කින්
සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් පහළ දමා තිබේ.
ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවේ.

මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය ජනතාවට ලබා දීම සඳහා එලෙස මිල පහළ දැමූ බව ය.

ඔක්ටේන් 92 - රුපියල් 138 සිට රුපියල් 136 දක්වා
ඔක්ටේන් 95 - රුපියල් 164 සිට රුපියල් 159 දක්වා
සුපිරි ඩීසල් - රුපියල්136 සිට රුපියල් 131 දක්වා අඩු කෙරේ.
ඔටෝ ඩීසල් - රුපියල් 104යි. මිලේ වෙනසක් නොමැත.