https://www.gossiplankanews.com/2019/07/gotabhaya-back-sri-lanka.html
වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊයේ (23) දින රාත්‍රියේ
කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
 ඊයේ රාත්‍රී 11.45 ට

සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තා විය.

සිංගප්පූරුවෙදී සිදු කරන ලද ශල්‍යකර්මයකින් පසු සති හයක  විවේකයෙන් පසු ඔහු මෙසේ පැමිණියේය.
ගෝඨාභය රාජපක්ෂට එරෙහි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති මැදමුලක ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් වන නඩුව එළඹෙන සිකුරාදා එනම් 26 වන දින සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතය.

මේ අතර ලබන අගෝස්තු මස එකොළොස් වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මහා සමුළුව පැවැත්වෙන අතර
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම පක්‍ෂ නායකත්වයට පත්වන බවත් ඔහු විසින් මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය නම් කරනු ඇති බවත් දේශපාලන ආරංචි වාර්තා කර ඇත. එහිදී ගෝඨාභයගේ නම කියැවෙනු ඇති බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පිරිසක් දැඩි විශ්වාසයේ පසුවන අතර තවත් කොටසක් චමල් රාජපක්ෂගේ නම කියැවෙනු ඇති බවට විශ්වාසයෙන් පසුවේ.