පසුගිය දිනවල සිදු වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා පුද්ගල මරණ 09ක් සිදුව තිබෙන බවත්, එක් මරණයක් වෙනුවෙන් රුපියල් දෙලක්‍ෂ පනස් දහසක වන්දි මුදලක් ලබාදෙන බව අපදා කළමනාකරණ අමාත්‍ය
රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

නිවාස 3,194කට හානි සිදුව තිබෙන බවත්, ඉන් නිවාස 25කට පූර්ණ හානි සිදුව තිබෙන බවත්, තක්සේරු කටයුතු කිරීමෙන් පසු වන්දි ලබාදෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් පහළොස් දහසක අත්තිකාරම් මුදලක් හා හානියට පත් නිවාසයක් වෙනුවෙන් රුපියල් දසදහසක අත්තිකාරම් මුදලක් ලබාදී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.