https://www.gossiplankanews.com/2019/07/50-lakhs-donation-for-sandumarudu-informer.html
සුගිය අප්‍රෙල් 21 පාස්කු ප්‍රහාරය නිසා රටම අනාරක්ෂිත තත්වයට පත්ව තවත් ප්‍රහාර සිදුවෙතැයි අනියත බියක් මතුව තිබූ අවස්ථාවේ තවත් ප්‍රහාරයකට සූදානමින් සිටි  සහරාන්ගේ පවුලේ අය ඇතුළු පිරිසක් ඊට දින 4 කට පසු 26 වනදා සමන්තුරේ සයින්දුමරුදු ප්‍රදේශයේදී ආරක්ෂක අංශ මගින් සාර්ථක ලෙස මැඩපවත්වනු ලැබුවා. එම සිදුවීම පසුපස සිටියේ
සුවිශේෂ ඔත්තු කරුවෙකි.
පාස්කු ප්‍රහාරයට පෙර මීගමුවේ සිට අම්පාර දක්වා භාණ්ඩ තොගයක් රැගෙන යෑම සදහා ඔහුට කුලී ගමනක් ලැබී තිබුණේ අප්‍රේල් 9 වැනි දින වන අතර පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඔහු තමන්ට ලැබුණ කුලී ගමනේ සිටි අය ගැන සැකයකින් නැවත කල්පණා කර තිබුණි.


තමන් අම්පාර - සයින්දමරුදු ප්‍ර දේශයට රැගෙන ගිය භාණ්ඩ පිළිබද ඇති වූ සැකය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබාදීමට ඔහු ක්‍රියා කළේ පුරවැසි යුතුකමක් ඉටු කරමිනි.යක්කල ප්‍රදේශයේ පිහිටි කුලී රථ සේවා ආයතනයක ලොරි රථ රියදුරෙකු ලෙස ඔහු රැකියාව කළ අතර ඔහු තිදරු පියෙකුද වන්නේය.

ඔහුගේ ඔත්තුව නිසා සමන්තුරේ සෙන්ගල් හි ත්‍රස්තවාදීන්ට අයත් පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමට ආරක්ෂක
අංශ සමත් වූ අතර  එදිනම සමන්තුරේ නින්දවුරු ප්‍රදේශයේ නිවසක පුපුරන ද්‍රව්‍යද සොයා ගැනිණි. එතැනදී ලැබෙන තවත් හෝඩුවාවන් මත සහරාන්ගේ පවුලේ ඥාතීන් සැඟව සිටි ස්ථානය හඳුනාගැනීමට ආරක්ෂක අංශ සමත් විය.

සහරාන්ගේ ඥාතීන් සමග ගැටුම අවස්ථාවේදී ඔවුන් මරාගෙන මැරුණ අතර මේ නිසා ඉදිරි ප්‍රහාර වැළකී ගියේය.
ලොරි රියදුරා තොරතුරු ලබාදුන් බවට ප්‍රචාරය වීම නිසා ඔහුට තර්ජන ඇතිවේයයි අනාරක්ෂිත බවක් ඇතිව තිබුණ අතර පසුගිය කාලයේ ඔහු සේවයෙන් ඉවත්ව බියෙන් සැඟවී සිටියේය.මේ නිසා අදායම අහිමිවී දරුවන් තිදෙන ජීවත් කරවීමේ දුෂ්කරතා පැනනැගී කල්ගෙවන බවට ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේය.
ජාතික විරුවෙකු විය යුතු පුද්ගලයකු මේ ආකාරයට අසරණවීමට ඉඩදීම කලගුණ නොසැලකීමක් ලෙස විවේචනද එල්ල විය.
මේ ගැන මාධ්‍ය මගින් ප්‍රචාරය වනතුරු රජය ඔහුට ලබාදෙන ත්‍යාගය ගැන හෝ කල්පණා කර නොතිබීම අවාසනාවකි.
කෙසේ වෙතත් පසුගිය සතියේ රූපවාහිනී නාලිකාවල ඔහුට සිදුව ඇති අපහසුතාවය ගැන කරුණු පළවීමෙන් පසු ජනපති අවධානය යොමුවූ බවත් මෙම පුද්ගලයා ලබා දෙන ලද තොරතුරුවල සාර්ථක භාවය සැළකිල්ලට ගෙන එක් තොරතුරක් වෙනුවෙන් රුපියල් ලක්ෂ විසි පහ බැගින් තොරතුරු දෙක වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක මුදලක් පිරිනැමීමට රජය තීරණය කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දී තිබේ.