https://www.gossiplankanews.com/2019/07/galle-school-parent-death.html
ගාල්ලේ අක්මීමන උපනන්ද කණිෂ්ඨ විදුහලේ ආරක්ෂාවට යොදා සිටි සෙබළෙකු අතින් සිසුවෙකුගේ පියෙකු වෙඩි වැදී මරණයට පත්වීමේ සිදුවීමක් අද (4) දහවල් වාර්තා විය.
විදුහලේ ආරක්සාවට සෙබළුන් දෙදෙනෙකු යොදා තිබූ අතර අද දහවල් 12.45 ට පමණ වෙඩි තැබීම සිදුව ඇත. එය සිදුකළ යුද හමුදා සෙබලා පවසා ඇත්තේ
උපනන්ද විදුහලට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකුට වෙඩි තැබූ බවයි.
මියගිය පුද්ගලයා සිය දරුවා අසනීප වී යැයි පාසලෙන් ලැබුණූ දුරකථන ඇමතුමක් අනුව පාසලට පැමිණි අයකු බව පවසා ඇති නමුත් පරික්ෂා කිරීමට අවශ්‍ය යයි දැන්වූ විට එය ගණනකට නොගෙන සෙබළාගේ ගිනි අවිය පවා උදුරාගන්නට තැත් කළ බවත් පසුව බලෙන් ඇතුළුවූ බවත් සෙබළා දන්වා ඇත. ඒ අනුව මෙම පුද්ගලයාට සෙබළා වෙඩි තබා ඇත.

වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බව අක්මීමණ පොලිසිය කියයි.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 39 හැවිරිදි විදුහලේ සිසුවෙකුගේ පියෙකු වන අතර නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු බවටද හඳුනාගෙන ඇත..
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර හමුදා සෙබළා අත් අඩංගුවට ගෙන ඇත. අක්මීමණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

pics -J.K.L. Chaminda / Courtesy By -Lankadeepa.lk