https://www.gossiplankanews.com/2019/07/akmeemana-incident-updates.html
ම දරුවා රැගෙන යන්නට පාසලට පැමණි පියෙකු ආරක්ෂක සෙබළෙකුගේ වෙඩි පහරින් මියයාමේ අවාසනාවන්ත සිදුවීම ඊයේ  රටම කැළඹූ සිද්ධියක් විය.
යුදහමුදා සෙබළා කළ වෙඩි තැබීමෙන් දරුවාගේ පියාගේ බඩට වෙඩි වැදී ඇති අතර
බරපතළ තුවාල ලැබූ ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල පිලාන වංචාවල පදිංචි කළුතොටගේ උදය ප්‍රදීප් කුමාර නමැති 31 හැවිරිදි තිදරු පියෙකි. දරුවා අසනීප වී ඇති බවට පාසලෙන් දුරකතන ඇමතුමක් ලැබුණු බව පවසමින් ඔහු උපනනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයට සිද්ධිය වූ දිනයේ දවල් මුලින් පැමිණ ඔහුගේ අසනීපවූ බව කී දියණිය රැගෙන ගොස් තිබූ අතර පසුව ඊට වැඩිමල් පුතුද පාසලේ සිටින නිසා දියණිය සමග පාසලට නැවත පැය කිහිපයකින් ඇවිත් පිරිමි දරුවා රැගෙන යාමට තැත් තළ අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇත.
 ගේට්ටුව බලහත්කාරයෙන් විවෘතකර පාසල් භූමියට ඇතුළු වීමට උත්සාහ ගත් අවස්ථාවේ ආරක්‍ෂවට යොදවා සිටි යුදහමුදා සෙබළා ඊට බාධාකර ඇති බව සෙබළා දන්වා ඇත.
එම බාධා නොතකා ඔහු ගේට්ටුවෙන් ඇතුළට වේගයෙන් ගමන් කඝ බවත් එහිදී ක්‍ෂණිකව

ක්‍රියාත්මක වූ සෙබළා ඔහුට වෙඩි තබා ඇති බවද පොලිසිය කියයි.
ඉතා හදිසියෙන් පාසල් න්ගේට්ටුව අසලට පැමිණ ඇති ඔහුට පාසල් පරිශ්‍රයට
ඇතුළු නොවන්නැයි යුද හමුදා සෙබළා දැනුම් දුන් බවද පසුව දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුවී ඇති බවද මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පිරිසක් මැදිහත්ව ත්‍රිරෝද රථයක දමාගෙන ටික දුරක් රැගෙන ගොස් ඇති අතර පසුව ගිලන් රථයකින් රැගෙන
ගොස් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. රෝහලට ඇතුළත් කර ටික වේලාවකින් ඔහු මියගිය බවද රෝහල් ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

මියගිය පුද්ගලයාගේ දරුවෝ තිදෙනාම මානවිල උපනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබති.
සිද්ධිය සැලවීමෙන් පසුව දෙමාපියන් හා ගම්වාසීන් වැල නොකැඩී පාසල වෙත පැමිණ අතර ඔවුන් දැඩි නොසන්සුන්කාරි ලෙස හැසිරෙනු දකින්නට ලැබිණි.

මානවිල උපනන්ද පාසලේ දරුවන් සිද්ධියෙන් පසුව මහත් භීතියකට පත්ව සිටි අතර ඇතැම් දෙමාපියන් සිය දරුවන් පාසල නිමවීමට පෙර නිවෙස්වලට රැගෙන යනු දකින්නට ලැබිණි.

මියගිය උදය ප්‍රදීප් කුමාර නමැත්තා කලක් නාවික හමුදාවේ තූර්යවාදක කණ්ඩායමේ සේවය කර ඇති අතර පසුව ඉන් ඉවත්ව පෞද්ගලික තූර්යවාදක කණ්ඩායමක ස්වය කරමින්
සිට ඇත. ඔහුගේ බිරිඳ ද  කලක් නාවික හමුදාවේ සේවය කළ තැනැත්තියකි. සිද්ධිය සැලවීමත් සමග පොලිසිය හා යුද හමුදාව පාසල් භූමියට පැමිණ පරීක්ෂණ ආරම්භ කළේය.

වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් යුද හමුදා සෙබළා ගාල්ල කොටුව ගැමුණු සේවා බලඇණියට අනුයුක්තව සේවය කරන්නෙකි. ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා ඊයේ පස්වරුවේ සිද්ධිය වූ ස්ථානයට සහ කරාපිටිය රෝහලට ගොස් මූලික පරීක්ෂණ පවත්වා පවාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියෝග කළේය.
වෙඩි තැබූ සෙබළා තවම අත්අඩංගුවේ පසුවන අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.