https://www.gossiplankanews.com/2019/07/dhoni-back-to-army.html

න්දියාව හා බටහිර කොදෙව් අතර ක්‍රිකට් තරගාවලියක් ඉදිරියේ පැවැත්වෙන නමුත් මහේන්ද්‍ර සිං දෝනි එයට ක්‍රිඩා කරන්නේ නැත.බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියට තමන් සහභාගි නොවන බවත්
එම කාලය අතරතුරදී තමන්ගේ හමුදා රෙජිමේන්තුව වන ඉන්දීය සමස්ත හමුදාවේ පැරෂූට් රෙජිමේන්තුවේ සේවය සඳහා
යන බවත් මහේන්ද්‍ර සිං දෝනි සෙනසුරාදා ප්‍රකාශ
කළේය.
ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය පරාජය වූයේ දෝනිගේ මන්දගාමී පිතිහරඹය හා තීරණාත්මක මොහොතේ දුවද්දී දැවීයාම නිසා බව ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ මතයයි.
ලකුණු 216 දී

දෝනි දුවද්දී දැවී යන විට ඉන්දීය පිලට ජයග්‍රහණය සඳහා පන්දු 9 කදී ලකුණු 24 ක් අවශ්‍යව තිබිණ. එහෙත් පසුපෙළ පිතිකරුවන්ට එය ලබාගත නොහැකි විය.
දෝනි මේ නිසා ක්‍රිකට් ක්‍රීඩාවෙන් කලකට ඉවත්ව ඇත. ඉන්දීය පැරෂුට් රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල්වරයා ලෙස ඉදිරි මාස දෙකක කාලය සිය රෙජිමේන්තුවේ ගතකරන  දෝනි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සම්බන්ධයෙන් කිසිවක් තවම ප්‍රකාශ කර නැත.
මේ වන විට 38 හැවිරිදි වියේ සිටින මහේන්ද්‍ර සිං දෝනි එක්දින තරග 350 කට සහභාගි වූ ක්‍රීඩකයෙකි. දැන්ම ක්‍රිකට් පිටියෙන් සමුනොගන්නා ලෙස ඔහුගෙන් ආයාචනා කළ අය අතර හින්දි සිනමාවේ අසහාය පසුබිම් ගායිකාව වන ලතා මංගේෂ්කාර් මහත්මියද වන්නීය.
වසර 2014 දී ටෙස්ට් පිටියෙන් සමුගත් දෝනි 2007 දී විස්සයි-20 ලෝක කුසලාන ජයගත් ඉන්දීය කණ්ඩායමේ මෙන්ම 2011 දී එක්දන ලෝක කුසලාන ජයගත් ඉන්දීය කණ්ඩායමේත් නායකයා විය.
ඉන්දීය ටෙස්ට් පිලේ කඩුලු රකින්නා වන රිෂාබ් පන්ට් විසින් දෝනිගේ ස්ථානය අත්පත් කරගනු ඇති බවට වාර්තා පළව තිබේ.