ඊයේ 20 යාපනයේ මානිප්පායිහිදී පොලිසිය සමග ආවා කල්ලියේ ඇතිවූ ගැටුමක් නිසා එක් පුද්ගලයෙකු මියගියා.
එම අවස්ථාවේ එම ස්ථානයේ තිබූ ආවා කල්ලි සාමාජිකයින් සතු ආයුධ හා
යතුරු පැදියක් පොලිස් අත්අඩංගුවට පත් විය. එහිදී හමුවූ අමුතු හැඩයේ කඩු හා යතුරු පැදියේ ඡායාරූප මේ සමග පළවේ.
මානිප්පායි පොලිස් වසමේ නිවාස කිහිපයකට ආවා
කල්ලියේ පහරදීමක් සිදුවන බවට මානිප්පායි පොලීසියට  ලැබුණ තොරතුරක් මත වාහන හා පුද්ගලයන් පරීක්ෂාවට පොලිසිය ක්‍රියා කරද්දී රාත්‍රි 8.40ට පමණ යතුරු පැදි තුනකින් පැමිණි පුද්ගලයන් 6ක් පරීක්ෂා කිරීමට ලක්කිරීමට සූදානම් වනවාත් සමගම ඔවුන් අත තිබූ කඩු ඇතුළු සියුම් ආයුධවලින් පොලිස් නිලධාරීන්ට පහරදීමට සූදානම්ව ඇත.

පොලීසියට  එම අවස්ථාවේ වෙඩි තැබීමක් සිදුකිරීමට සිදුව ඇති අතර එහිදී එක් පුද්ගලයෙක් තුවාල ලබා පැමිණි පිරිසෙන් පස්දෙනෙකු පළා ගොස් තිබේ.

තුවාලකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර ඔහු යාපනයේ කොඩිකාමම් හි පදිංචි අවුරුද 22ක් වන සෙල්වරත්නම් කවිගජන් නැමැති අයෙකු බවත් පැමිණි පිරිස ආවා කල්ලියේ පුද්ගලයන් බවත් අනාවරණය කරගෙන ඇත.