https://www.gossiplankanews.com/2019/07/death-sentence-maithri.html
සුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ප්‍රතිරෝධ දක්වන්නට එජාපය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, එංගලන්තය ඇමරිකාව ඇතුළු රටවල්
කටයුතු කළ බවට වාර්තා පළ විය.

කෙසේ වෙතත් මේ වනවිට වාර්තා වන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළ වී ඇති බවය. මීරිගම ප්‍රදේශයේදී ඇමති අර්ජුන රණතුංග මේ ගැන මාධ්‍ය වෙත කරුණු හෙළි කර තිබේ.

මේ දක්වා වාර්තා වූයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මරණ දණ්ඩනය යොදාගනු ඇති බව නමුත්
අප්‍රේල් 21 දා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ මිනීමරන්නට දායකවූ සැමටද මෙය ක්‍රියාත්මක කරන බව ජනපතිවරයා  පැළෑද රජමහා විහාරයේ ඊයේ (16) පැවති උත්සවයකදී පවසා තිබේ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම අයෙක්ම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඒ අයට විරුද්ධව පරික්ෂණ අඛණ්ඩව සිදුවන බවත්, ඔවුන්ට එරෙහිව පැහැදිළි සාක්ෂි තිබෙන අතර නිති පොතට අනුව ඔවුන්ට ද මරණීය දණ්ඩනය හිමි විය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ ගැන පවසා ඇත.