බිග් බෑඩ් වුල්ෆ් නමින් ප්‍රකටවූ ඉංග්‍රීසි පොත් ප්‍රදර්ශනය මේ මස පකිස්තානයේ කරච්චි නුවරදී ප්‍රදර්ශනය වේ. ජුලි 25 සිට අගොස්තු 5 දක්වා දින 11 ක් පැය 24 පුරා මෙය පවත්වන බව වාර්තාවේ.
 මින් ඉහත 2017 හා 2018 අවස්ථා 2 කදී
ශ්‍රී ලකාවේද පවත්වන්නට

යෙදුණ මෙම ප්‍රදර්ශනය මෙවර 2019 වසරේදී පැවැත්වීම අවිනිශ්චිතව ඇත්තේ පාස්කු ප්‍රහාර හේතුවෙන් ඇතිවූ අනාරක්ෂිත වාතාවරණය සමගිනි.
මැලේසියාවේ Andrew Yap හා ඔහුගේ බිරිය Jacqueline ගේ සංකල්පයක් අනුව මෙම පොත් ප්‍රදර්ශනය  ආරම්භ විය.

2006 වසරේ ක්වාලාලාම්පූර් නුවර බිග් බැඩ් වුල්ෆ් යන මේ නමින් කුඩා පොත් සාප්පුවක් හා බැහැරදෙන පොත් සපයා කියවීම් කණ්ඩායමක් පවත්වාගෙන ගිය ඔවුන් තම සාමාජිකයින් වෙනුවෙන් 2009 මුල්වරට පොත් ප්‍රදර්ශනයක් පවත්වන ලදි. එහිදී වසර කිහිපයක් පැරණි එහෙත් වෙළෙඳපොලේ ඉහළ ඉල්ලුම සහිත පොත් අලෙවි කිරීමට ඔවුන් වෙහෙස ගන්නා ලදි.

ඉතා ඉහළ පාඨක ප්‍රතිචාර ලද එම ප්‍රදර්ශනය මහා පරිමාණයෙන් සිදු කිරීමට හැකි මට්ටමක් දක්වා ඉන් පසු වසරවල දියුණු වූ අතර Thailand, Indonesia,  Philippines, Taiwan, UAE, Korea , Myanmar මෙන්ම ශ්‍රී ලංකාවේද මෙම ප්‍රදර්ශන පවත්වන්නට ඔවුනට පසුව හැකි විය.