ISIS ත්‍රස්ත සංවිධානයේ නායකයා හැටියට පෙනී සිටින අබු බකර් අල්-බග්දාදි මේ වනවිට සැඟව සිටින්නේ ලිබියාවේ බව ඉරාකයෙහි හිටපු ඇමතිවරයකු වන අල්-සුබෙයිදි Baghdad Post පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
ඉරාකය හා සිරියාවේ ප්‍රදේශ අල්ලාගැන්මේ
අවධානය යොමුවූ අයිඑස් ත්‍රස්ත සංවිධානය එම සටන් පරාජයන්ගෙන් පසු ඊට පහළ උතුරු අප්‍රිකානු කලාපය වෙත සංක්‍රමණය වෙමින් එම ප්‍රදේශ අල්ලා ගැනීමේ මෙහෙයුම් දියත් කරමින් සිටින බවත් මේ නිසා ලිබියාව ඊජිප්තුව හා ටියුනීසියාව මේ වනවිට අයිඑස් ග්‍රහණයට ලක්වෙමින් පවතින බවත් පෙන්වාදී ඇත.
 අබු බකර් අල්-බග්දාදි කලක් ඉරාකයේ  Rutbah නමැති දිස්ත්‍රික්කයේ සැඟව සිටි බවත් උමං මාර්ගයක පිහිටි රහසිගත ස්ථානයක ඔහු සිටි බවට තොරතුරු තිබූ බවත් වාර්තා විය.
තවත් කලෙක වාර්තාවී තිබුනේ ඔහු මියගිය නමුත් අයිඑස් සංවිධානය එම ආරංචිය සඟවා සිටින බවයි.
ISIS ත්‍රස්ත සංවිධානයේ නායකයා හැටියට පෙනී සිටින අබු බකර් අල්-බග්දාදි වසර ගණනාවක් රහසිගත නිහඩ ජීවිතයක් ගතකළ අතර ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු ඔහු පෙනී සිටි වීඩියෝවක් නිකුත් කරමින් එහි වගකීමද ISIS ත්‍රස්ත සංවිධානය වෙත භාරගත්තේය.