https://www.gossiplankanews.com/2019/07/daham-nipuni-convercation.html#more
ම පුතු දහම් සිරිසේනගේ උපාධි ප්‍රදානොත්සවයට සහභාගිවීම පිණිස ජනපති මෛත්‍රිපාල සිරිසේන එංගලන්තයේ සංචාරයකට
පිටත්ව ගොස් තිබේ.

එංගලන්තයේ විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබා ඇති දහම් සිරිසේන එම උපාධිය නිම කිරීමෙන් අනතුරුව පසුගිය මැයි 9 වනදා විවාහ දිවියට පිවිසියේද ඔහු සමග එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි නිපුණි වීරරත්න සමගිනි.
මේ නිසා දහම් නිපුණි මෙන්ම සිරිසේන හා වීරරත්න පවුල් දෙකේ අයද ජනපති මෛත්‍රිපාල සිරිසේන සමග මෙම පුද්ගලික සංචාරය සඳහා එක්ව තිබෙන බව වාර්තාවේ.
මෙම සංචාරයේදී ජනපතිවරයා දින කිහිපයක් එංගලන්තයේ නතරවී සිටිනු ඇති බවටද වාර්තා පළවේ.