වත්තල
ඊයේ 09  සවස 4.30 ට පමණ වත්තල පොලිස් වසමේ කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ මාබෝල වැලිකඩමුල්ල හංදිය අසලදී කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වූ

ලොරි රථයක් එම දිසාවටම ගමන්කල යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මරණකරු. වයස අවුරුදු. 54 ක්වූ අකරවිට, ගම්පහ ප්‍රදේශයේ පදිංචි හෙට්ටිආරචිචිලාගේ දොන් සුනිල් පෙරේරා යන අය වේ.
මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.


මොණරාගල
ඊයෙ 09 වන දින රාත්‍රී 11.10 ට පමණ මොණරාගල පොලිස් වසමේ මොණරාගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ශෂිගම හංදිය අසලදී මොණරාගල සිට වැල්ලවාය දෙසට ධාවනය වූ යතුරුපැදියක් නවතා තිබූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මොණරාගල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මරණුකුරු..වයස අවුරුදු.28 ක්වූ අත්කර07, මදුරුකැටිය.. මොණරාගල ප්‍රදේශයේ පදිංචි කුසීලන් කේක්දිරන් යන අය වේ.
මෘත ශරීරය මොණරාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. මොණරාගල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

ඇල්ල
ඊයේ 09 වන දින සවස 1.30 ට පමණ ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේදී ඇල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පසු පැදිකාරිය වැල්ලවාය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මරණකාරිය වයස අවුරුදු 19ක්වූ අස්වැල්ලබැද්ද, කැටවල. ලන්දේවෙල, හාලිඇල ලිපිනයේ පදිංචි සමරකෝන් මුදියන්සේලාගේ දිනිති ඉමේෂා යන අය වේ.
මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන ඇත. ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

ඇඹිලිපිටිය
ඊයේ 09 වන දින සවස 6.35 ට පමණ ඇඹිලිපිටිය පොලිස් වසමේ ඇඹිලිපිටිය මොරකැටිය මාර්ගයේ ඇඹිලිපිටිය නගරය ආසන්නයේදී මොරකැටිය දෙසට ධාවනය වූ ත්‍රි රෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රි රෝද රථ රියදුරු, යතුරු පැදිකරු සහ සහ පසු පැදිකාරිය ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ත්‍රි රෝද රථ රියදුරු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු.20ක්වු 02 වන පටුමග, ලියනෑගම, ඇඹිලිපිටිය ලිපිනයේ පදිංචි රොහාන් චන්දන කුමාර බස්නායක යන අය වේ.
මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.


මාන්කුලම්
ඊයේ 09 වන දින සවස 1.00 ට පමණ මාන්කුලම් පොලිස් වසමේ මාන්කුලම් මල්ලාවි මාර්ගයේ 14 කණුව අසලදී මාන්කුලම් දෙසට ධාවනය වූ අත් ට්‍රැක්ටරයක් නට්ටකන්ඩාල් දෙස අතුරු මාර්ගයට හැරවීමට යාමේදී මල්ලාවි දෙසට ධාවනය වූ යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදියේ පසු පැදිකාරිය මල්ලාවි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මරණකාරිය වයස අවුරුදු 65ක්වූ අංක 528, පොන්නගර්, නට්ටකන්ඩාල් ලිපිනයේ පදිංචි පේරම්බලම් සරස්වතී යන අය වේ.
මෘත ශරීරය මල්ලාවි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් අත් ට්‍රැක්ටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. මාන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.