ඊයේ ජුලි 9 අඟහරුවාදා මැන්චෙස්ටර් හිදී පවත්වන්නට යෙදුණ 2019 ක්‍රිකට් ලෝක කුසලාන අර්ධ අවසන් වටයේ පළමු තරගය වූ නවසීලන්තය හා ඉන්දියාව අතර තරගය ඊයෙට පමණක් අතහැර දමන්නට සිදුවූයේ වර්ෂාවෙන් බාධා එල්ලවූ නිසාය.
මෙවර ලෝක කුසලාන නීති අනුව
තරගයේ නවසීලන්තයට ඉතිරි
පන්දු 23 සහ ඉන්දියාවට හිමි ඕවර 50 අද නැවතූ තැන සිට පත්වන්නට තීරණය වී තිබේ.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල කඩුළු 5 කට 211 ක් ලබා 46.1 ක් ඕවර යවා තිබියදී දිගින් දිගටම වැසි ඇද හැළුණ අතර තරග විනිසුරුවන් අවසථා කිහිපයකදී නැවත තරගය අරඹන්නට තත්වය විමසා බැලූ මුත් ඕවර ප්‍රමාණය අඩුකර හෝ නැවත තරගය පවත්වන්නට බැරිබව තීන්දුවක් ගන්නා ලදි.
ඒ අනුව තරග නීතිරීති අනුව නැවත අද 10 බදාදා අර්ධ අවසන් තරගය පවත්වන්නට නියමිතය.
අදත් වැසි ඇද හැළි තරගය තීරණයක් ගන්නට බැරිව ගියහොත් තරග නීති අනුව තරගාවලියේ පූර්ව තරග වැදීම් අනුව ඉහළින් සිටි පිලට අවස්ථාව හිමිවන අතර ඒ අනුව ඉන්දියාවට අවසන් තරගයට සුදුසුකම් ලැබීමට වැඩි ඉඩ ලැබේ.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග ගණනාවක්ම වර්ෂාව නිසා අත්හැරදැමීමට සිදුවිය.
ඊයේ නවසීලන්තය තරගවැදුණ මන්දගාමී විලාසය නිරීක්ෂණය කළ ක්‍රිකට් විචාරකයින් සඳහන් කර තිබුනේ වැඩි වාසි තිබුනේ ඉන්දියාවට බවයි. කෙසේ වෙතත් අද දක්වා විවෘතව පවතින තරගය දෙපිළටම අවසන් තරගයට සුදුසුකම් ලැබීමට තීරණාත්මක වනු ඇත.