https://www.gossiplankanews.com/2019/07/china-russian-brothal-raided.html
යේ (17) උදෑසන කොළඹ , බම්බලපිටිය ප්‍රදේශයේ දී විදේශීය කාන්තාවන් සැපයුම් කරන ගණිකා නිවාසයක් ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන සහ බුද්ධි ඒකකයේ නිලධාරීන් පිරිසක්
විසින් වටළා තිබේ.
සංචාරක වීසා මත

ශ්‍රී ලංකාවට පැමිණ නීතිවිරෝධී ලෙස ගණිකා වෘත්තියේ යෙදී සිටි චීන සහ රුසියානු ජාතික කාන්තාවන් තිදෙනකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.

එම නිලධාරීන් පිරිස උපාය දූතයෙකු යොදවා ඇති අතර ඔහු ගණිකා සේවය ලබාගැනීමට අවශ්‍ය බව දක්වා එම ස්ථානයට ඇතුළූවී ඇති අතර ඔහුගෙන් මුදල් ලබාගෙන ඔහුව කාමරයකට ඇතුළු කරන අවස්ථාවේ වැටළීම මෙහෙයවූ පිරිස මෙම කාන්තාවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  වයස අවුරුදු 25 ත් 40 ත් අතර පසුවන  රුසියානු කාන්තාවක් සහ චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු බව වාර්තා විය.

ශ්‍රී ලංකාවේ ආගමන , විගමන පනතේ ඇති විධිවිධාන අනුව සංචාරක වීසා මත මෙරටට පැමිණි කිසිවෙකුටත් ශ්‍රී ලංකාව තුළ රැකියා වල නිරත වීම තහනම් වන බැවින් හා අපරාධ නීතිය අනුව ගණිකා වෘත්තියේ යෙදීම ද තහනම් කටයුත්තක් ිසා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් තිදෙනා මේ වනවිට මිරිහාන විශේෂ රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබාගෙන ඇති අතර , මොවුන් පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදු කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කරමින් සිටිති .