https://www.gossiplankanews.com/2019/07/harin-letter-sport.html
දිරියේදී බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගාවලියෙන් පසු ධූරවලින් ඉවත් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය
මණ්ඩලයේ සියළු දෙනාට ක්‍රීඩා ඇමති

හරින් ප්‍රනාන්දු ලිඛිතව  දන්වා ඇත.
ඉවත් වීමෙන් පදු ඔවුනගේ කොන්ත්‍රාත්තු ගැන සලකා බලන බව ලිපියේ දක්වා ඇත
බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට පමණක් ඔවුනට කටයුතු කිරීමට අවසාන අවස්ථාව ලබාදී ඇත.
ලෝක කුසලාන පරාජයට පෙර සිටම මෙම පුහුණූකුරුවන් වෙනස් කිරීම සම්බන්ධයෙන් ඇමතිවරයා කථාකර තිබූ නමුත් අවසන් මොහොතේ සංශෝධන නොකරන බව දන්වා තිබුණි.
කෙසේ වෙතත් තමන්ට තවත් වසරක කොන්ත්‍රාත් කාලයක් ඇති බව හතුරුසිංහ මීට සතියකට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ අතර තමන් තනතුරු වලින් ඉවත්වීමට සූදානම් නැති බවද පවසා තිබුණි.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් තවත් තීරණ රැසක් ගෙන ඇති බවයි.