Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/07/china-p625-ship-arrived.html#more
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2019 ජුනි 05 වැනි දින ලබාදෙන ලද පී 625නෞකාව ඊයේ (08) උදෑසන කොළඹ වරායට ළගා විය. නාවික සාම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලද අතර එම අවස්ථාව සඳහා
ශ්‍රී ලංකාවේ මහජන

චීන සමුහාණ්ඩු තනාපති වේන්ග් සූයූවාන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධනි සහ අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල, බටහිර නාවික විධාන බාර ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබද චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි යන මහත්වරු සහභාගී වී සිටියහ.

නෞකාව කොළඹ වරායට පැමිණිමෙන්  අනතුරුව නාවික හමුදාපතිවරයා නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත  වූ අතර එහිදී නෞකාවේ ක්‍රියාකාරිත්වය, මෙහෙයුම් සූදානම සහ සැකැසීම පිළිබඳව නාවික හමුදාපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. මෙම නෞකාව නුදුරේදීම අධිකාරියට පත් කිරීමටද නියමිතය.

1994 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112ක් සහ පළලින් මීටර් 12.4ක් වන අතර එහි ධාරිතාව ටොන් 2300ක් වේ. පී 625 නෞකාවේ අණ දෙන නිලධාරි වශයෙන් කපිතාන් නලින්ද ජයසිංහ කටයුතු කරන අතර නෞකාවේ නිලධාරින් 18 දෙනකු ඇතුළු 110 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් රාජකාරි කරයි.

දිනුක මලින්ද හේරත්-































Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Hot Political

Gossip Lanka Videos

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter