"රාජිත සේනාරත්න ඇමැතිවරයා මට කරන චෝදනාවලින් අබමල් රේණුවක දෙයක්වත් ඔප්පු කර ගැනීමට හැකි වුවහොත් තමා ජාතික ඇඳුම ගලවා දමා මහ පාරේ පයින් යන්න ලැස්තියි"

යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි
නිරෝෂන් ප්‍රේමරත්න මහතා පිටබැද්දරදී සෙනසුරාදා (6) පැවසීය.

පිටබැද්දර, නිල්වලා බ්‍රීස් උත්සව ශාලාවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසන බලමණ්ඩල පිහිටුවීමේ රැස්වීමට සහභාහි වෙමින් ඔහු එසේ කීය.

මන්ත්‍රීවරයා එහිදි මෙසේද පැවසීය. රාජිත සේනාරත්න ඇමැතිවරයා කියවානම් මම කාගෙ හරි කුඩුවලට සම්බන්ධයි. කාගෙන් හරි සල්ලි අරගෙන තියනවා, කාටහරි දුරකථන ඇමතුමක් දිලා තියෙනවා කියලා ජීවිත කාලේ ඔප්පු කළොත් මම ජාතික ඇඳුම් ගලවා මහ පාරේ යන්න ලෑස්තියි. හැබැයි රාජිත සේනාරන්නට මේ එක දෙයක් වත් කරන්න බැහැ. හැබැයි මම රාජිත සේනාරත්න ඇමැතිවරයාට එක දෙයක් කියනවා. පුළුවන්නම් පාර්ලිමේන්තු වටරවුමේ ඉඳලා කළුතරට පයින් ගිහින් පෙන්නන්න කියලා යැයිද නිරෝෂන් ප්‍රේමරත්න කිය.