https://www.gossiplankanews.com/2019/07/chathurika-peris-mother-hood.html
නප‍්‍රිය රංගන ශිල්පිනි චතුරිකා පිරිස් මව් පදවිය ලබන්න ආසන්න බව දැන්  රහසක් නෙවෙයි. අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න චතුරිකාගේ ජීවිතයේ අලූත්ම තොරතුරු  ඇය සති අන්ත පුවත්පතකට
මෙසේ පවසා තිබුණා..

චතුරිකා මේ දවස්වල රංගන කටයුතු වලින් ඈත් වෙලාද?

ඔව්. තාවකාලිකව නතර කරලා විවේකයෙන් ඉන්නේ. බබා ලැබෙන්න තව මාස දෙකක් දෙක හමාරක් විතර කල් තියෙනවා. මමයි ගයානුයි පහුගිය කාලේ වැඩවල නිරත වෙලා හිටියේ. පාස්කු ප‍්‍රාහාරයෙන් පස්සෙ කරමින් හිටි බොහෝ වැඩ කල් ගියා. ඊට පස්සෙ බබා ලැබෙන්න ඉන්න නිසා අලූත් වැඩ භාරගත්තේ නැහැ.

ඒ කියන්නේ රසිකයන්ට නරඹන්න ර`ගපාපු නිර්මාණ තියෙන බවද?

කොටස් දහය පහළොව රූගත කරපු ටෙලි නාට්‍ය තියෙනවා.

දරුවා ලැබුණාට පස්සේ පවතින වාතාවරණයත් එක්ක තමයි ආපහු අලූත් වැඩ භාරගන්නේ. අනිත් කරලා තියෙන නිර්මාණ වල වැඩ මෑතකදීම ආපහු පටන් ගන්න නිෂ්පාදකවරුන්ට සිදුවුණොත් සමහර විට මම නැතිව ඒ නිර්මාණ වල රූගත කිරීම් සිදුවෙයි.

ඔබලා දෙදෙනා කරගෙනගිය ටෙලි නාට්‍ය නිෂ්පාදන කටයුතු වල අලූත්ම තත්ත්වය කුමක්ද?

මේ කාලේ අපි නිෂ්පාදන කටයුතු කරන්නේ නැහැ. ඒකට ප‍්‍රධානම හේතුව රටේ පවතින දේශපාලන හා ආර්ථික අස්ථාවර තත්වයයි. රටේ ස්ථාවර තත්වයක් ආවොත් තමයි ආයෙමත් නිෂ්පාදන කටයුතු කරන්න හිතන්නේ. එහෙම නැතිව ලොකු මුදලක් වැය කරලා කාලයක් බලා ඉ`දලා දෙයක් කරන එකේ තේරුමක් නැහැ.

මව් පදවියට ආසන්න වෙමින් ගතවෙන මේ දවස්වල මොන විදිහටද ගෙවෙන්නේ ?

ලොකු සතුටක් හා ලොකු වගකීමක් හිතට දැනෙනවා. දරුවා ලැබුණට පස්සේ දරුවාගෙ දේවල් කරන්න හරිම ආසාවකින් බලා ඉන්නේ.

දරුවාගේ අධ්‍යාපනයේ ඉ`දන් එයා ලොකුවෙලා විවාහයක් සිදුවන තුරු අපේ වගකීම දරුවා සම්බන්ධයෙන් තියෙනවානේ. ඉදිරියේදී අපි කරන ගොඩක් දෙවල් ගැන තීරණ ගන්නේ දරුවාට අපහසුවක් නොවෙන විදිහටයි. ඉදිරියේදී අපේ රංගන කටයුතු වුණත් අපි දෙන්නම කරන්නේ දරුවාගේ කටයුතු වලට අවහිරයක් නොවෙන විදිහට.

ලැබෙන්න ඉන්න දරුවා දුවෙක්ද පුතෙක්ද?

දුවෙක් තමයි අපිට ලැබෙන්න ඉන්නේ. අපේ දරුවා දුවෙක් වුණත් පුතෙක් වුණත් ප‍්‍රශ්නයක් නැහැ. හැබැයි ගයාන් ගොඩක් ආසා දුවෙකුට. ඒ නිසා මමත් දුවෙකුටයි වැඩියෙම ආසා.

ඔබලා මේ කාලය තුල දරුවෙක් හදන්න එනවා කියලා සැලසුම් කළාද?

එහෙම තීරණයක් තිබුණේ නැහැ. හැබැයි දරුවෙක් හදන්න ඕනෑ කියලා අපි දෙන්නටම ගිය අවුරුද්දේ ඉ`දන්ම අදහසක් තිබුණා. මේ කාලයේම මෙය සිදුවිය යුතුයි කියලා හිතුවේ නැහැ.

බබා ලැබෙන්න ඉද්දි චතුරිකාටත් විශේෂයෙන් ආස හිතුන දේවල් තිබුණාද?

ඒක තමයි වැදගත්ම දේ. මට එහෙමට කියලා විශේෂ දෙයක් කන්න ආසාවක් තිබුණේ නැහැ. අඹ, නැවුම් දොඩම් යුෂ වගේ දේවල් විතරයි මට කන්න හිතුණේ. මස්, මාළු, බිත්තර, කිරි ආදිය සියයට අනුවක් විතර අප්පිරිය වුණා. එළවළු තමයි වැඩියෙන්ම කෑවේ.

පවුලට අලූතින් එකතුවෙන්න ඉන්න සිි`ගිත්තිය පවුල් දෙකේම මව්පියන්ට විශේෂයිද?


අපේ පවුලේ අයටත් ගයාන්ගේ පවුලේ අයටත් මුණුපුරු මිණිපිරියන් ඉන්න නිසා ලොකුවට විශේෂයක්ම නැහැ. සාමාන්‍ය විදිහට තමයි එයාලට දැනෙන්නේ. මටයි, ගයාන්ටයි මේක විශේෂයි.

මව්පදවියත් එක්ක චතුරිකා රංගනයෙන් ඈත්වෙලා යන්නම යයිද?

අපි දෙන්නම රැකියාවෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒකට ගයාන් කැමැතිත් නැහැ. ගයාන් කැමැති නැහැ මම ගෙදරට වෙලා ගෙදර වැඩ වලට පමණක් සීමාවුණ බිරි`දක් වෙලා ඉන්නවාට. මම හරිම කැමැතියි කාර්යබහුල වෙනවාට. නිකම්ම ජිවිතය ගෙවෙනවාට වඩා ජීවිතයේ කරන්න වැඩ ගොඩක් තියෙනවාට මම කැමැතියි. ඉදිරියේ මවක් බිරි`දක් රංගන ශිල්පිණියක් ව්‍යාපාරිකාවක් විදිහට මට ගොඩක් වැඩ තියෙයි කරන්න.

චතුරිකාගේ සමකාලීන නිළියන් මැදිවියේ මවගේ චරිතයට ඇතුළු වුණත් තවමත් ඔබ එතැනට ගිහින් නැහැ නේද?

මැදිවියේ මවගේ චරිතය තවමත් මට හරියන්නේ නැහැ. මම කරන චරිතයේ විශ්වාසනීය බව නැතිනම් මම එවැනි චරිත කරන්න කැමැති නැහැ. රංගන ශිල්පිණියක් විදිහට මට ලැබෙන්නේ අම්මාගේ චරිතයද වෙන චරිතයක්ද කියලා නැහැ. මට චරිතයේ මගේ රංගන පරාසයට ගැළපෙනව නම් මම ඒක කරනවා.

චතුරිකා කියන්නේ සම්ප‍්‍රදායික ගෘහණියගේ භුමිකාවටත් හුරු කෙනෙක්ද?

ගෙදර අස්පස් කරන දේවල් නම් මට මගේ අතින්ම කරන්න ඕනෑ. කවුරුත් ඒ දේවල් කළාට මට හරියන්නැති ගතියක් තියෙනවා. ගයාන් සමහර වෙලාවට මට දොස් කියනවත් එක්ක. මම ඒ වැඩ කරනවා කියලා. ගෙදර උයන පිහන වැඩ නම් මම කරන්නේම නැහැ. වැඩට ඉන්න කෙනෙක් උයනව නැත්නම් අපේ අම්මා උයනවා. උයන්න කවුරුත් නැතිනම් ගයාන් උයනවා. හැබැයි ඒ දේවල් අස් කරන එක මමයි කරන්නේ.

චතුරිකා ඉවුම් පිහුම් වැඩ දන්නේ නැති කෙනෙක්ද?

ඉස්සර ඉඳන්ම මම ඉව්වේ නැහැ. ලංකාවේ සාම්ප‍්‍රදායික කෑම උයන්න මම දන්නේ නැහැ. මම දන්නෙ සැන්විච්ස් වගේ පොඩි පොඩි දේවල් හදන්න විතරයි. ගයාන් මගෙන් කෑම උයන එක බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.

ඔබ දෙනොගේම ඉපයීම් මාර්ගය රංගනයද?

රංගන කටයුතු හා නිෂ්පාදන කටයුතු තමයි අපි දෙන්නාගෙප‍්‍රධාන වෘත්තිය වෙලා තියෙන්නේ. ඉදිරියේදී ඒකේ වෙනසක් වෙන්න වෙයිද කියලා කියන්නත් බැහැ. රටේ මේ විදිහට අස්ථාවර තත්වයක් පැවතුණොත් අපිට සිදුවෙයි මේ ගෙවල් දොරවල් විකුණලා පිටරටකට යන්න.

චතුරිකාගේ එවන් අදහසක් තියෙනවාද?

එහෙම විශේෂයෙන් පිටරටකට ගිහින් ජීවත් වෙන්න ඕනෑ කියලා එකක් නැහැ. රටේ තියෙන වාතාවරණය එක්ක දරුවෙක් පිටරටකට හුරුකරගෙන ජිවත්වෙන එක හො`දයි කියලා හිතෙනවා. මේ රටේ අධ්‍යාපනයේ පටන්ම විශාල අවුලක් තියෙනවා. ඒ දේවල් හො`ද විදිහට වෙනස් වෙනවා නම් අපිට කිසිම ප‍්‍රශ්නයක් නැහැ. මේ රට තමයි අපිට ජීවත් වෙන්න හො`දම රට.

ධම්මිකා සුරංජි පතිරණ (මීවිත)