ක්‍රිකට් තරග සංචාරයක් පිණිස ඊයේ (20) පස්වරුවේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියා.
23 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සමග පුහුණු තරගයකට එක්වන බංගලිදේශ පිල  26,28 හා 31 වන
දිනවල එක්දින තරග තුනකට සහභාගී වනු ඇත. මෙම තරග සියල්ල කොළඹදී පැවැත්වේ.මෙවර තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ තමීම් ඉක්බාල්.ලෝක කුසලාන තරගාවලියේ තුන්ඉරියව්වෙන් දස්කම් දැක්වූ ශකීබ් අල් හසන් මෙම තරගාවලිය සඳහා විවේක ගන්වා තිබෙන බව වාර්තා වෙනවා.
 බංග්ලාදේශ කණ්ඩායමේ වේග පන්දු යැවීමේ උපදේශකවරයෙකු ලෙස චම්පක රාමනායක කටයුතු කරනු ඇති බවද වාර්තා වෙනවා.