https://www.gossiplankanews.com/2019/07/back-to-school-rukshana-dissanayake.html
ම පාසල් සමය ගැන ආවර්ජනය කරන 'බැක් ටු ස්කූල්' ගොසිප් ලංකා වීඩියෝ විශේෂාංගයට මෙවර එක්වූයේ ටෙලි නිළි රුක්ෂානා දිසානායකයි. ඇය අප හමුවූ අවස්ථාවේ
ඒ ගැන දැක්වූ විස්තරය පහතින්

මොකද්ද ඔයාගේ පාසලේ නම
මම මුලින්ම ගියේ සූජාතා විද්‍යාලයට නුගේගොඩ.ඊට පස්සේ දේවි බාලිකා විද්‍යාලය
කොළඹ.

එක වසරට මුලින්ම ගියපු දවස මතකද?
ටිකක් මතකයි ලොකු මතකයක් නම් නෑ.

අම්මයි තාත්තයිත් එක්කද එතකොට ගියේ?
ඔව් අම්මයි තාත්තයි දෙන්නා එක්කම තමා ගියේ..

එ දවසේ ඇඬුවාද?

නැ මම ඇඬුවේ නැ මම මොන්ටිසොරි යනකොටවත් අඬලා නැලු...

එතකොට එක වසරේ ටීචර්ගේ හැඩ රුව හරි නම හරි මතකද?
ඕව් මට හැඩරුවත් මතකයි නමත් හොඳට මතකයි.වීරක්කොඩි ටීචර්.

එක වසරේදී හම්බ වුණ හොඳම යාළුවාගේ නම මතකද?
මගේ හොඳම යාළුවා වුනේ සවිනි.ඊටපසසේ 1 ඉඳන් 5 වසරට වෙනකන්ම එයා තමා හොඳම යාළුවා.

5 වසරේදී ශිෂ්‍යත්වෙන් ගත්ත ලකුණු මතකද?
169යි

ශිෂ්‍යත්වය Pass වූනාම ඔයාට ගෙදරින් මොනවද දුන්නේ?
මොනවහරි දුන්නා.ඒත් මට මතක නැහැ මොනවද දුන්නේ කියලා..ලොකු දෙයක් දෙනන් ඇති.

School එකේ Games එහෙම කරලා තියෙනවද?
ඔව් මම Games නම් ගොඩක් කරා.Sports වලට ගොඩක් බරයි.

එක වසරේ ඉඳන් 5 වසර වෙනකන් දඟ චරිතයක්ද? පොඩි කාලේ ගොඩක් දඟයිනේ..
ඔව් පොඩි කාලේදීත් දඟයි.ඊටපස්සේත් දඟයි තමත් දඟයි.එක වසරේ ඉඳන් 13 වසර වෙනකන්ම දඟ නම් තිබ්බා එක අඩුවක් නැ ඉතිං..

යාළුවොත් එක්ක පොඩි කාලේ කරපු  මොනවහරි අමතක නොවන සිද්ධියක් තියෙනවද?
එකේ ඉඳන් 5 වෙනකන් නම් එහෙම ලොකු මතකයක් නැහැ..පොඩි දවස් නේ.හැබැයි ඉතිං දඟයි කියලා ප්‍රසිද්ධ චරිතයක්..

කවදාහරි වැරැද්දක් කරලා Principal ළඟට එහෙම ගිහින් තියෙනවද?
Principal ළඟට එහෙම ලොකු වැරදිවලට ගිහින් නැහැ..Subject එකක් වේලාවේදී සෙල්ලම් කරලා එවගේ දේවල් වලට ගිහිල්ලා තියෙනවා.මහ පරිමාණේ ලොකු වැරදි වලට නම් නැ..නැ..ගිහිල්ලා නැ..ඒවා අහුවෙලා නැ.

O/L කාලේ ගන කතා කරොත් ඔයා ආසම විෂය මොකද්ද?
O/L කාලේ කැමතිම විෂය Commerce

එතකොට O/L Result එක මතකද?

ඔව්. A6, C3යි

O/L කාලේ තිබුන අකමැතිම විෂය?
English Literature

එතකොට School එකේදී Periods එහෙම Cut කරලා තියෙනවද?
ඕව් සැහෙන්න Cut කරලා තියෙනවා. සමන්‍යයෙන් 6 වසරේ ඉඳන් 11 වසර වෙනකන් සැහෙන්න Cut කරලා තියෙනවා. ඊටපස්සේ A/L කාලේදී නම් එහෙම නැ.ඉගෙනගන්න Focus කරලා ඉගෙන ගන්නවා කියලා ඒකෙන්ම තමා වැඩ කරේ.

එතකොට O/L කාලේදී යාළුවොත් එක්ක කරපු දඟ වඩක් මතක් කලොත්?
O/L කාලේදී දඟ වැඩ ගොඩක් කරලා තියෙනවා..Interval එකේ Add වලට රඟපානවා.ඩෙස් උඩ නැගගෙන බෙර ගහලනවා හරි සද්දේට ඇහෙනවා ඉතිං ඒවා. Interval එක ඉවරවෙලත් අපිට සිහියක් නැ Interval ඉවරයි කියලවත්.අනිත් Classroom වල වැඩ පටන් අරන් අපේ ටීචර් ඇවිල්ලා බැනලා දනගස්සලා තියලා. ඉතිං තියෙනවා හොඳ හොඳ වැඩ.. Washroom අස්සට යනවා Class Cut කරන්න.කරලා නම් තියෙනවා ඕනතරම් දඟ වැඩ.

O/L කාලේ Tution Class ගියේ කොහේද?
Tution Class ගියේ මම මහරගම සතරට ගියා.ඊටපස්සේ English Class එකට ගියා.ගොඩක් Class වලට ගියේ නැ O/L වලට..

ඒ දවස් වල පාසල් ප්‍රේමයක් එහෙම තිබුනද?
පාසල් ප්‍රේමයක් තිබුනා A/L කරන කාලේදී O/L කාලේදී. 12 වසරේදී පටන් ගත්තේ ඊටපස්සේ ඉතිං ඉවරයි ඉතිං ඉස්කොලේ ඉවරවෙනකොට.

පාසලේදී යාළුවෝ කියපු Nickname එකක් එහෙම තියෙනවද?
මට ගොඩක් අය Ruki කියලා තමා කියන්නේ ඉස්සර කාලේ ඉඳන්ම චූටි කාලේ ඉඳන්ම.ඊට අමතරව ඉතිං එක එක නම් එක එක කාල වලදී එනවානේ.A/L කාලේ එහෙම ඔම්ලටා කියනවා එක එක එවා කියනවා..

O/L කාලේදී Class එහෙම Cut කරලා තියෙනවද?
A/L කරන කාලේ නම් Cut කරලම නැ.O/L කරන කාලේ එකපාරක් Class එක නැතිවෙලා පොඩි කෙහෙට හරි තැනකට ගියා.කන්න බොන්න ඒවාටනේ ඉස්සර ගොඩක් ආස.එවගේ එකකට ගියා ඒ අරෙන්න Class Cut කරන්න බයයි. මොකද අම්මා එනවා හවසට ගන්න අනිවාර්යෙන් මම Class එකේ ඉන්න ඕනි.

එතකොට අම්මටද වැඩියෙන් බය තාත්තටද?
අම්මට

A/L කාලේ ගැන කතා කරොත් ඔයා මොනවාද A/L වලට තොරගත්තේ?
A/L වලට කරේ Arts..එ කියන්නේ Dancing,Sinhala,Logic

A/L Result එක මතකයිද?
A2 යි B1යි

A/L කාලේදී සිද්දවුන අමතක නොවන සිද්ධියක්?
A/L කාලේදී ලොකු දඟවැඩ නැ ඉතිං..හොරෙන් කාලා අහුවෙච්ච ඒවනම් ගොඩක් තියෙනවා. ලැජ්ජම වෙලා තියෙනවා.කන්න තමා ඉස්සර පොඩි කාලේ අපි ආස.ඊටපස්සේ නිදාගන්නවා එවාගේ ඒවා තමා ඉතිං.සිංහල Period එකේ නිදාගන්නවා අනිවාර්යෙන්ම.ටීචර් පෙන්නේ නැ ටීචර් කොටයි.ඉතිං ඒ නිසා අපි මරුවෙන් මාරුවට නිදාගන්නවා.එක දවසකට එක්කෙනෙක් නිදාගන්නවා අනිත් දවසට එක්කෙනෙක් නිදාගන්නවා..Bag එක ඉස්සරහින් තියාගන්නවා නිදාගන්නවා.ටීචර් කියන ඒවා අහෙනවා මදි ඉතිං හොඳට නින්ද යනවා. Double Period නේ ගොඩක් වේලාවට තියෙන්නේ. ආයේ ඉතිං පැයකටත් වැඩිය ඉවරවෙනකොට අඬගහනවා නැගිටිනවා ආයුබෝවන් කියනවා යනවා.ඔහොම තමා ඉතිං ජිවිතේ.

ඉගෙනීම පැත්තෙන් ඔයාට ලොකු බලපෑමක් ගෙදරින් කරාද?
නෑ.ඇත්තමට අපේ ගෙදරින් කවදාවත් අම්මවත් මට මේක වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා කවදාවත් කියලා නැ.එයා කියනනේ මම ආස දේ කරන්න කියලා.එයා හැමතිස්සේම හැබැයි මට උදව් කරා පොඩි කාලේ ඉඳන්ම එයා තමා මට ගොඩක් ඉගැන්නුවේ ශිෂ්‍යත්වයටත් ඉගැන්නුවේ එයා. O/L වෙනකන්ම Maths ඉගැන්නුවේ එයා. එයා මට කියන්නේ එයා කැමතිදේ හරියට කරන්න එච්චරයි. එහෙම ලොකුවට කරදර කරන්නේ නැ මට. ඉගෙන ගන්නකොට ඉතිං හරියට කරන්න කියලා කමා කියන්නේ.

School එකේ Prefect කෙනෙක් වෙලා ඉඳලා තියෙනවද?
Prefect කියන්නේ අපේ Prefect කෙනෙක් විදියට නෙමේ එන්නේ House Captain කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා මම අවුරුදු දෙකක්.

A/L පංතියේ අවසාන දවස මතකද?
ඔව් මතකයි

ඒ දවස මොනවගෙද?
හරි දුකයි ඉතිං අපි එදා ඇඬුවත් එක්ක.ඊටපස්සේ අපේ ගවුමක් ගෙනල්ලා අත්සන් කරලා ටීචර්ස්ලාත් අත්සන් කරා.හරි සුනදරයි ඉතිං ලොකු හැලි ලියලා තියෙනවා.තාමත් තියෙනවා එක.දකිනකොට හිනත් යනවා.රතු පාට පැන් වලින් නිල් පාට පැන් වලින් වැඩ දාදා ලස්සකට එක එක ඒවා ඇඳ ඇඳ මල්ගස් ඇඳ ඇඳ ඒ ගවුමේ ඉතිං ලියලා තියෙනවා හරි ලස්සන මතකයක් ඒක.

මොනවද මේ දවස් වල ඔයාගේ අලුත් විස්තර?
මේ දවස් වල මම ටෙලිනාට්‍ය තුනකට සම්බන්ධ වෙලා ඉන්නවා. තව අලුත් එකක් කරන්න හිතාගෙන ඉන්නවා ඔය දේවල් තමයි.

 Back To School Programme එක ගැන මොකද හිතෙන්නේ?
ලස්සන Programme එකක්.ස්තුතියි ආරධනා කරාට.වෙන තැනකට හිත ගෙනිච්චා. අතීතයට ගෙනිච්චා. මතක් කරනකොටත් ආසයි සුන්දරයි හැමොගෙම පාසල් කාලය සුන්දරයිනේ..අපි හරි නිදහස් කාලයක් ඒක දැන් වගේ ප්‍රශ්න අඩුයිනේ.ඉතිං හිතෙකකොටත් ආස හිතෙනවා ආදරේ හිතෙනවා.

කථාබහ -ජනනි තරුෂිකා