මිනිස් මුහුණකට සමාන පෙනුමැති මුහුණක් ඇති මකුළුවකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සීඝ්‍ර ලෙස සංසරණය වී කථාබහක් ඇතිව තිබේ. විශේෂයෙන්ම ට්විටර් ජාලය ඔස්සේ මෙම වීඩියෝව චීනය තුළ
ව්‍යාප්තවී ඇත. චීනයේ යුං ජියැං ප්‍රාන්තයේ

ලී නමැති කාන්තාවකගේ නිවසේදී මෙම අරුම පුදුම මකුළුවා දක්නට ලැබුණ බවට චයිනා ඩේලි පුවත්පතද වාර්තා ඉදිරිපත් කර තිබුණි.
එම වාර්තාවේ මාතෘකාව යොදා තිබුනේ 'ස්පයිඩර් මෑන්' කෙනෙක් හමුවුණා' යනුවෙනි.
කෙසේ වෙතත් මේ ගැන අදහස් දක්වා ඇති වෛද්‍ය රිචඩ් ජේ පර්සි දන්වා ඇත්තේ මේ Ebrechtella tricuspidata නමැති මකුළු විශේෂය බවත් උන්ගේ පෙනුම ඒ ආකාරයට පිහිටන බවත්ය.