නීතිවිරෝධී ලෙස අලි පැටවකු ළග තබාගැනීම සහ අලි පැටවුන් විකිණීම සම්බන්ධයෙන් කොලොන්නාවේ ශ්‍රී
සුමංගල හිමියෝ හෙට (23) වනවිට අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිසියට දැනුම්දී තිබේ.

මීට අදාළ නඩු ගොනුව අපරාධ පර්පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නීතිපති උපදෙස් සදහා යොමු කර තිබිණි.

මේ වනවිට සුමංගල හිමියෝ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර බොහෝවිට එහිදී උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සිදු වනු ඇත.

මේ අතර නීතිපතිවරයාගේ තීරණය වෙනස් කර ගැනීම සඳහා බලපෑම් කිරීමට භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (22) හෝ හොට (23) දිනයේ ජනාධිපතිවරයා මුණගැසීමට නියමිත යැයිද වාර්තා වේ.