ජුලි 30-31 හා අගොස්තු 1 දිනවල රැකියා විරහිතව සිටි උපාධිධාරීන් 12000 දෙනෙකු හට රැකියා වරම්
හිමිකරදී ඇති බව
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර් මහතා ඊයේ අරලියගහමන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
2013-2018 කාලයේ උපාධි සම්පූර්ණ කළ අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන්ට මෙහිදී අවස්ථාව උදාකරදී ඇති බවත් මෙම රැකියා ලබාදීම දේශපාලන පක්ෂපාතිත්වය සලකා සිදුව නැති බවත් ඔහු දැන්වීය.
මෙම උපාධීධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස රජයේ සේවයට අනුයුක්ත කෙරෙනු ඇති බව ඔහු පැවසීය.