https://www.gossiplankanews.com/2019/07/17-student-death-makola.html#more
මාකොළ, සපුගස්කන්ද මහා විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු ඊයේ (30දා) උදෑසන මැරතන් ධාවන තරගයක පුහුණුවීම්වල නිරත වෙමින් සිටින අතරතුරදි ක්‍රීඩාපිටියේදි ක්ලාන්ත වී ඇදවැටීම
නිසා කිරිබත්ගොඩ මූලික

රෝහලට ගෙන ගොස් ඇති අතර ප්‍රතිකාර ලැබිමටත් පෙර සිසුවා මියගොස් ඇතැයි සපුගස්කන්ද පොලිසියෙන් වාර්තා වේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි අරුණ ධනංජය හෙට්ටිආරචිචි නමැති 17 හැවිරිදි උසස්පෙළ හදාරන සිසුවෙකි. මෙම ශිෂ්‍යයාගේ වැඩිමහල් සොහොයුරාද මීට පෙර මෙලෙසම ක්‍රීඩා පුහුණු වීම් අතරතුරදී හදිසියේ මිය ගොස් ඇතැයිද කිරිබත්ගොඩ රෝහලෙන් තොරතුරු වාර්තා වෙයි.

මේ වනවිට මියගිය සිසුවාගේ මෘත දේහය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර අද (31දා) උදෑසන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව දේහය ඥාතීන්ට භාරදීමට නියමිතය. සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තුසිත ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි පරීක්ෂාණ කටයුතු සිදු කෙරේ.

-කේ.දුමින්ද-