https://www.gossiplankanews.com/2019/06/ratana-thera-kandy.html#more

2.55 pm update
තම ඉල්ලීම පරිදි බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අය එම ධුරවලින් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් රතන හිිමියන්ට දැන්වීමෙන් අනතුරුව දින 4කට ආසන්න කාලයක් රතන හිමියන් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබේ.
 මේ වන විට උන්වහන්සේව මහනුවර රෝහලට ඇතුලත් කර ඇත.

11.55 am update
 ජනාධිපති සිරිසේන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි වෙත අද (03) දවල් 12.00 ට පෙර තම ධූර වලින් ඉල්ලා අස්වන ලෙස දන්වා ඇතත් ඔවුන් සිය ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවිය. කෙසේ වෙතත් එන්න එන්නම මේ ගැන පීඩනය වැඩිවී තිබේ.

 රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය පළ කරමින් අති උතුම් මැල්කම් රංජිත් කාදින්ල් හිමිපාණන් අද පෙරවරුවේ මහනුවරට පැමිණියහ.

අතුරලියේ රත්න හිමියන්ගේ උපවාසයට සහයෝගය දක්වමින් මීගමුව – කොළඹ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ. ධාවනයෙන් ඉවත් වූ එම බස් රථ රියදුරන් සහ රිය සහායකයින් මේ වන විට මීගමුව බස් නැවතුම්පළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව ඇති බවද වාර්තාවේ.


රතන හිමියන් උපවාසයේ නිරත මහනුවර දළදා මාළිගය අසල සිටි පිරිස අමතමින් ඥානසාර හිමියන් රජයට විශේෂ නිවේදනයක් නිකුත් කර කියා සිටියේ අද දහවල් 12ට පෙර රතන හිමි පැවසූ මුස්ලිම් නායකයින්ට ඉල්ලා අස්වීම හෝ ඉවත්කිරීම ගැන නිශ්චිත පිළිතුරක් අවශ්‍යය බවය.

මේ කාරනාව ගැන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතර හමුවක් ඊයේ (02දා) පවත්වා තිබේ.අනුව අද දිනයේදී උන්වහන්සේගේ ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.
මේ අතර අද පෙරවරුවේදී අමාත්‍යවරයා අතුරුලියේ රතන හිමියන් බැහැ දැකීම සඳහා මහනුවර දළඳා මාළිගාවට ගොස්  තිබුනි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඊයේ (02) රාත්‍රියේ ද නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සහ බස්නාහිර ආන්ඩුකාර අසාද් සාලි ජනාධිපති සිරිසේන අතර විශේෂ හමුවක්ද සිදුව ඇත.
වාර්තා වන ආකාරයට එහිදී ඔවුන් දන්වා ඇත්තේ රතන හිමිගේ උපවාසය හමුවේ ජනාධිපති සිරිසේන පත්ව ඇති දුෂ්කරතාව සම්බන්ධව තමන්ට තේරුම් ගත හැකි නමුත් ඉල්ලා අස්වීමක් සිදුකළ හොත් එය සාධාරණ පරීක්ෂණයක් පවා නොමැතිව නිකරුණේ චෝදනා පිළිගැනීමක් සිදුවන බවත් එබැවින් කිසිම හේතුවක් මත ඉල්ලා අස්වීමක් තමන් වෙතින් අපේක්ෂා නොකරන ලෙසය. අවශ්‍ය නම් ජනාධිපති බලතල යොදා තමන්ව ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිට අවස්ථාව ඇති බවත් එහිදී ඔවුන් පෙන්වාදී ඇතැයිද වාර්තා වෙයි.


https://www.gossiplankanews.com/2019/06/ratana-thera-kandy.html#more
7.50 update
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (3) 4 වන දිනටත් මහනුවර ශ්‍රී දළදා මාලිගය ඉදිරිපිටදී අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාවේ නිරතව සිටිති.
එස් බී දිසානායක, විජේදාස රාජපක්ෂ, ගලගොඩ අත්තේ ඥානසාර හිමි,වාසුදේව නානායක්කාර, දිලුම් අමුනුගම,හේමකුමාර නානායක්කාර, උදය ගම්මංපිල ආදී අය පසුගිය දින කිහිපයේ
උන් වහන්සේ බැහැදැකීමට ගොස් තිබූ අතර දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා එහි ගිය අවස්ථාවේ රැස්ව සිටි අනුගාමිකයින්ගෙන් හූ හඩ එල්ලවූ බව වාර්තා විය.

ජනපතිගේ හෙංචයියනුත් හාමුදුරුවො බලන්න ඇවිත් යයි දළදා මාළිගා භූමියේ හූ හඩ නැගූවන් කෑ ගසා තිබුණි. කෙසේ වෙතත් ඒවා ගණනකට නොගත් දුමින්ද මාධ්‍ය කැමරා ඉදිරියේ කියා සිටියේ මුස්ලිම් ආණ්ඩුකාරවරුන් දෙදෙනා සහ මුස්ලිම් ඇමතිවරයා ඉවත්කරන්නට තමන්ද ජනපතිට බල කරන බවයි.
උපවාසයේ නිරත 

අතුරලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීමට වරින්වර වෛද්‍යවරුන් පැමිණ පරීක්ෂණ සිදු කරන අතර හිමියන් අට්ටාලය තුළ දිගාවී දිගටම රැඳී සිටිමින් වරින්වර ජලය පානය පමණක් සිදු කරනු වාර්තා විය. ඒ අතරවාරයේ අවස්ථා කිහිපයකදී මාළිගාව ආසන්න වැසිකිලිය වෙත ගමන් කරනුද වාර්තා විය.

31 වනදා සිට ඊයේ 3 වනදා වනවිට දවස් 3 ක් ගතවී හිමියන්ගේ පෙනුම මළානික ස්වරූපයක් දිස්වූ අතර මේ වනතුරුත් ජනපතිගේ නියෝගයක් හෝ සැලකිල්ලක් මේ ගැන වාර්තාවී නැත.

මේ අතර හිස්බුල්ලා ආන්ඩුකාරවරයා ඉල්ලා අස්වූ බවට පුවතක් පළවී තිබුණත් ඔහු එම පුවත අසත්‍යයක් බව දක්වමින් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් ඊයේ රාත්‍රී නිවේදනයක් නිකුත්කර තිබුණි.
මේ අතර කලක් විරසකව සිටි ජාතික හෙළ උරුමයේ එකට දේශපාලනය කළ ඇමති පාඨලී චම්පික රණවකද රතන හිමියන් බැහැදකින්නට අද  උදෑසන මහනුවරට ගිය බව වාර්තා විය.