https://www.gossiplankanews.com/2019/06/muslim-ministers-resign.html
දුර්දීන් පමණක් නොව ආණ්ඩු පක්ෂයේ සිටින සියළුම මුස්ලිම් ඇමතිවරු සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ වනවිට මුස්ලිම් ඇමතිවරුන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන්
සැකසංකා ඇතිව තමන්ට දේශපාලනය කළ නොහැකි බවත් ඒවාට කඩිනම් පරීක්ෂණ සිදුකරන ලෙසත් ඉල්ලා ඒ පරීක්ෂණ නිමවනතුරු සියල්ලන් ඉල්ලා අස්වීමට තීරණයකට එලැඹ ඇතැයි වාර්තාවේ.
මේ වනවිට මුස්ලිම් ජනතාවට එල්ලවන පීඩනය හමුවේ ආණ්ඩුවේ කාර්යභාරය පිළිගත නොහැකි බවද ඔවුන් දන්වා ඇත.


රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම් ඇතුළු රජය නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (03) දහවල් විශේෂ සාකච්ජාවක්ද පැවැත්වූ බව අරලියගහ මන්දිරයෙන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කර තිබිණි.

විශේෂ සාකච්ඡාවක් සඳහා අද (03) රැස්වී ඇති මුස්ලිම් මන්ත්‍රීවරුන් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර එම සාකච්ඡාවේදී ආණ්ඩුව සහ විපක්ෂය මුස්ලිම් ජනතාව ආරක්ෂා නොකරන බවටද කතාවී ඇති බව වාර්තා වේ.

ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණය ගැන පාර්ලිමේන්තුවේ සියලුම මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහ⁣භාගිත්වයෙන් අද සවස තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග කියයි.
මෙම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බව ද දැනගන්නට තිබේ.
අද සවස 3.30 ට රජය නියෝජනය කරනු ලබන මුස්ලිම් අමාත්‍යවරුන් අරලියගහ මන්දිරයේදී විශේෂ මාධ්‍ය සාකච්ජාවක් කැඳවා ඇති අතර එහිදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.