උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ ක්‍රියාත්මක කිරීමට අවධානය
යොමුව ඇති බව ස්වදේශ
කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි. දඹුල්ල මහනගර සභාව යටතේ දිගම්පතන රක්ෂිතයේ ඉදිකළ කසළ ප්‍රතිචක්‍රීකරණ අංගණය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (1) එක්වෙමින් අමාත්‍යවරයා මේ  බව පැවසීය.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ඇතැම් පුද්ගලයින්ට එකම අංකයට නම්  02කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කර තිබූ බවත්, එය සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි උපතේදී උප්පැන්න සහතිකයට ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීමේ වැඩසටහ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසුවේය.