ගල්කිස්ස සිට වැල්ලවත්ත දක්වා වූ මුහුදේ පාවෙමින් තිබු කළු පැහැති තෙල් තට්ටුවක් හේතුවෙන් විශාල පිරිසක් අපහසුතාවට පත් වූහ.

මෙම තෙල් තට්ටුව
වෙරළෙහි තැනින් තැනට විසිරී තිබු අතර මේ හේතුවෙන් මුහුදේ නෑමට ගිය පුද්ගලයන්ගේ ශරීරයේද මෙම තෙල් තැවරීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්වූහ.

මේ අතර මුහුදු වෙරළට උදෑසන ව්‍යායාම කිරීම සඳහා පැමිණෙන පුද්ගලයන් මෙම, මුහුදු වෙරළ තීරයේ අසිරිය විඳින්නට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින්ද මෙම තත්වය හේතුවෙන් මහත් අසීරු තත්වයකට පත් වූහ.  මේ හේතුවෙන් ප්‍රදේශයේ ධීවර කටයුතු හා වෙරළ කලාපය භාවිතා කිරීම සීමා කරන ලෙස සමුද්‍රීය පරීසර ආරක්ෂණ අධිකාරිය විසින් උපදෙස් දී තිබේ.

 -දිලංකා ගෝමස්-