https://www.gossiplankanews.com/2019/06/modi-arrives-sri-lanka.html
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා අද (09දා) දහවල් 11.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
අග්‍රමාත්‍යවරයා ගමන් ගන්නා ඉන්දීය ගුවන් සේවයට අයත් බෝයිං - 737 වර්ගයේ ගුවන් යානයකින් කටුනායකට පැමිණි අතර ඔහුගේ ආරක්ෂාව සඳහා තවත් එවැනිම වර්ගයේ ගුවන් යානයක් ද පැමිණියේය.


ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි. - 001 දරණ ගුවන් යානයෙන් ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, ඔහු පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු මැති ඇමතිවරු රාශියක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග දූත පිරිස 59 ක් පැමිණ සිටි අතර ගුවන් යානා දෙකේ කාර්යය මණ්ඩලය 16 දෙනෙකු ද විය.