ලෝක කුසලාන තරගාවලිය යටතේ ඊයේ (8) පැවැත්වූ තරග වලින් කාඩිෆ්හි පැවති තරගයේදී බංගලිදේශ පිල
එංගලන්තයට පරාජයට පත්විය.
එංගලන්තය කඩුලු 6 ට 386 ක් ලකුනු ලබාගෙන පැවරූ ඉහළ ඉලක්කය බංගලිදේශයට ආසන්නවන්නටවත් බැරිව ගියේ 280 කට සියල්ල දැවීමෙනි.
ඇෆ්ගනිස්තානය හා නවසීලන්තය අතර ටවුන්ටන් හි පැවති තරගයේදී ඇෆ්ගන් පිල 172 කට දැවී ගිය අතර කඩුළු 3 කින් එම පහසු ඉලක්කය සපුරාගන්නට නවසීලන්තයට හැකි විය.