https://www.gossiplankanews.com/2019/06/chithra-wakishta-son-speaks.html#more
සුගියදා අප අතරින් සමුගත් ප්‍රවීණ නිළි චිත්‍රා වාකිෂ්ඨ මහත්මියගේ අවසන් කටයුතු වලින් පසුව ස්වාධීන රුපවාහිනී සේවා ආයතනයේ සේවය කරන ඇගේ පුත් ප්‍රාණ් වාකිෂ්ඨ අප
වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් පහත පළවේ.

අම්මාගේ අසනීපය නම් තිබුනේ Cancer එකක්. අවුරුදු 6කට 7කට උඩදී තමයි ඒක හඳුනගත්තේ. ඒක ඊට පස්සේ Operation කලා. එක කලාට පස්සේත් එයා කලා කටයුතු වල නිරත වුනා.නැති වෙන්න මාස කිහිපයකට විතර කලින් වගේ තමයි අම්මා ගොඩක් දුර්වල වුනේ. ඒ කියන්නේ අල්ලගෙන ඇවිදගෙන යන තත්වය ආවා. ඊටපස්සේ වැඩිය කතා නොකරන තත්වයට ආවා.

කල්පනා ශක්තිය සමහර වේලාවට තියෙනවා. සමහර වෙලාවට නෑ.සමහරවිට කට්ටිය අඳුරනවා සමහර වේලාවට අඳුරන්නේ නෑ. එවගේ කතා කරනකොට කතා කරන්නේ මොනවාද කියලා දන්නේ නෑ.ඒ වගේ දේවල් වලින් අම්මා ටික ටික ටික ටික වෙනස් වුනා. ඒහෙම ඉතිං ටිකක් කාලයක් ඉඳලා තමයි මේ දේ සිද්ධ වුනේ.

ඇයව රෝහල් ගත කරේ කොයි වගේ කාලේකදීද?
මුලින්ම ඒක දැනගත්තට පස්සේ Operation එකට නැවත්තුවා. ඊටපස්සේ කිහිපවතාවක් අමාරුවෙලා දෙපාරක් තුන්පාරක් Hospital එකේ හිටියා. ගොඩක් වේලාවට අම්මා බෙහෙත් පිළිවෙළකට ගත්තේ නෑ කොච්චර කිව්වත්. එයා එහෙම බෙහෙත් පස්සේ දිව්වේත් නැ.ගෙදරට වෙලා තමයි හිටියේ ගොඉක් වේලාවට.ඊටපසසේ අම්මා නැතිවුනේ 31 එතකොට බ්‍රහස්තපතින්දා ඒ කියන්නේ 30 අම්මාව අමාරුවෙලා Admit කරා හවස 6.30ට විතර මහ ඉස්පිරිතාලේ. ඊටපස්සේ 31 උදේ 11.30 විතර තමයි නැතිවුනේ.

ඇයව දකින්නේ ඔබ කොයි විදියටද?
මම අම්මාව දකින්නේ ඉතාමත් ගුණවත්, අධිෂ්ඨානශිලි එ වගේම කාරුණික ගුණයහපත් ඕන කෙනෙකුට උදව් කරන්න ඉදිරිපත්වෙන ඕන කෙනෙකුගේ ප්‍රශ්නේකට විසඳුම් හොයලා දෙන්න ඉදිරිපත්වෙන කාන්තාවක් විදයටයි. යෝධ ගැහැණියක් කියලයි මම අම්මාව හැමවේලේම හඳුන්වන්නේ.


ඇයට අවසන් ගෞරව දැක්වීමට ප්‍රවීණ කලාකරුවන් කලාකරිනියන් සියලුදෙනා පැමිණියාද?
බෝහෝ ප්‍රවීණ කලාකරුවන් කලාකරිනියන් ආවා. අපු නැති අය ඉන්නවා නමුත් එ අයට දොස් කියන්න බැ. මොකද ඔවුන් කාර්යබහුල අය නිසා. සමහරවිට කොළඹ නැතිවෙන්න පුළුවන් සමහරවිට ලංකාවේ නැතිවෙන්න පුළුවන්. ඒ නිසා කිසි කෙනෙක් ගැන අපිට මුකුත් කියන්න බැ. මොකද කාලාව කියන්නේ හරිම කාර්යබහුල ජිවිතයක් කලාකරුවෝ ගත කරන්නේ.පුළුපුළුවන් අය හැමෝම වගේ ආවා. ගොඩක් අය මට දුරකථනයෙන් කතා කරලා ශෝකය ප්‍රකාශ කරා.ඒ වගේම අම්මාගේ සමකාලීන නළුනිළියන් බෝහෝදෙනා එයාලගේ අසනීප තත්වයන් මට කිව්වා.පුතේ මට එන්න විදියක් නැ මෙහෙම අසනීපයි කියලා අපිත්. අපි එක පිළිගන්න ඕන අම්මාගේ සමකාලීනයන් කියන්නේ බෝහෝ වයස්ගත උදවිය දැන් මේ වෙනකොට.නොයෙක් නොයෙක් අමාරුකම් වලින් ඉන්න නිසා.ඉතිං කවුද ආවේ කවුද නාවේ කියලා හොයන්න මට තිබුණේත් නැ ඒවගේම ආපු අයට ස්තුතීවන්ත වෙනවා වගේම නාපු අයට දොස් කියන්න හැකියාවකුත් නැ මොකද අපි හැමෝටම සහභාගී වෙන්න පුළුවන්කමක් නැනේ බෝහෝ වෙලාවට. ගොඩක් වෙලාවට මට මතකයි ගොඩක් අය කොළඹින් පිට හිටියා. සමහර අය විදෙස් ගත වෙලා හිටියා. ඉතිං ඒ අය කතා කරලා ඒ අයගේ ශෝකය ප්‍රකාශ කලා.

කලාව හැරුනාම ඇයට වෙනත් ආදායම් මාර්ගයක් තිබුනද?
අම්මාට කලාව ඇරෙන්න වෙනත් ආදායම් මාර්ගයක් තිබුනේ නැ.අම්මා කලාවෙන් තමයි ජිවත් වුනේ. ස්ථීර රැකියාවක් කලේ නැ.මම මේ වෙලාවේ නන් අයුරින් මට උදව් උපකාර කල සියලුදෙනාටත් විශේෂයෙන් ඔබතුමියටත් ඒ වගේම සියලුම මාධ්‍යත් මාත් එක්ක හිටියා ඒ වෙලාවේ. ඒ නිසා සියලුම මාධ්‍යන්ටත් මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙන්න ඕන. මගේ අම්මාගේ සියලුම කටයුතු හොයලා බැල්වේ මම නිසා නෙමේ චිත්‍රා වකිෂ්ඨ කියන කලාකාරිනියට කරන උපහාරයක් හැටියට මේ සියලුදෙනාට ඒ ගෞරවය එතුමියට දුන්නා.