https://www.gossiplankanews.com/2019/06/hisbulla-speaks.html#more
පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ අදහස් ඉදිරිපත් කළ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඔහු සම්බන්ධ ආන්දෝලනාත්මක කරුණු රැසකට උත්තර සැපයුවේය.
මුස්ලිම් යනු ලංකාවේ සුළු ජාතියක් වුවත් ලෝකයේ මහ ජාතියක් යැයි පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව බියට පත්ව සිටින මුස්ලිම් ජනතාවගේ බිය නැති කර ඔවුන් දිරිමත් කිරිමේ අරමුණින් යැයිද තවුහිද් ජමාත් සියලු දෙනා ත්‍රස්තවාදින් නොවේ යැයිද
මඩකළපු විශ්වවිද්‍යාලය ශරියා විශ්වවිද්‍යාලයක් ලෙසට හංවඩු ගැසුවේ ජනමාධ්‍ය ආයතන යැයිද
කාතන්කුඩියේ රට ඉදීගස් වගා කළේ ඒවා වියළි දේශගුණයට ඔරොත්තු දෙන ශාක නිසා යැයිද පැවැසීය.

පාස්කු ඉරුදින ප්‍රහාර ගැන කරුණු සොයන පාරිලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (13) පස්වරුවේ රැස්විය. නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් මෙසේ පැවැසීය. මම 1988 දී නැගෙනහිර පළාත් සභාවට පත්වුණා. 2003දී පාර්ලිමේන්තුවට තේරීපත්වුණා. ඊට පසුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වුණා. නියෝජ්‍ය ඇමැතිවරයකු වගේම කැබිනට් ඇමැතිවරයකු ලෙසත් කාලයක් කටයුතු කළා.

රවී කරුණානායක මහතා
මුස්ලිම් අය ශ්‍රී ලංකාවේ කුඩා ජාතියක් වුවත්, ලෝකයේ මහ ජාතිය කියලා ඔබ ප්‍රකාශ කළා. මේ වගේ ප්‍රකාශ හරිද ?

හිස්බුල්ලා මහතඃ
නැගෙනහිර පළාතේ ජනතාව බියෙන් හිටියා. මම ඒ ප්‍රකාශය කළේ ඔවුන්ගේ බිය නැති කරන්නයි. මම ඒක කිව්වේ පල්ලියකදී. එහෙම කියලා මුස්ලිම් ජනතාව ධෛර්යමත් කළා. වෙළෙදාමවලට නැවතත් යන්න කියලා ඉල්ලුවා.

රවී කරුණානායක මහතා
ඔබ තවත් ඉන්නේ ඒ ස්ථාවරයේද?

හිස්බුල්ලා මහතා
 නැහැ. මේක බෞද්ධ රටක්. මම ඒක පාර්ලිමේන්තුවේදීත් කිව්වා.
(හඩ පටයක් වාදනය කර පෙන්වයි)

කරුණානායක මහතා
ඔබ සහරාන් අඳුරනවාද?

හිස්බුල්ලා මහතා
ඔව්. හොද විවාදකයෙක් ඔහු ජන්ද කාලෙදි දේශපාලනඥයන් කැඳවනවා. ඔහු හමුවීමට ගියේ මම විතරක් නොවෙයි. ඔහු සමග තරුණයන් හිටියා.


 කරුණානායක මහතා
නමුත් ඔහු ත්‍රස්තවාදියෙක්.

හිස්බුල්ලා මහතා
ඔහු 2015 දී ත්‍රස්තවාදියෙකු නොවෙයි. එදා සියලු අපේක්‍ෂකයන් ඔහු හමු වෙන්න ගියා. සහරාන් අපට සහාය දෙන්න පොරොන්දු වුණා. එතනදී ඔහු අපට කොත්මදේසි කිහිපයක් දැම්මා. පසුව එක්තරා සිද්ධියක් නිසා ඔහු මාත් එක්ක තරහ වුණා. මට විරුද්දව වැඩ කළා. ඒ නිසයි මා පැරදුණා. එයා තරම් මට විරුද්ධව වන කිසිම කෙනකු වැඩ කරලා නැහැ.

රවී කරුණානායක මහතා
එයාට වරෙන්තුවක් තිබුණා.

හිස්බුල්ලා මහතා
ඔව්. නමුත් පොලිසියට ඔහු අල්ලා ගන්න බැරිවුණා. අප කාලයක් සහරාන්ට විරුද්ධව උද්ඝෝෂණ කළා. මට සහරාන් උදවු කරලා නැහැ. මම එයාට උදවු කරලත් නැහැ. අපි හොඳින් සහරාන් එක්ක වැඩ කළා.

කාරක සභාවේ නියෝජ්‍ය සභාපති ජයම්පති වික්‍රමරත්න මහතා
සහරාගේ අය යුද හමුදාවට සම්බන්ධ වී සිටීයාද?

හිස්බුල්ලා මහතා
ඔව්. පොඩි පොඩි සම්බන්ධතා තිබුණා. 2015 කාලයේදී. ඔක්කොම නොවෙයි. විශේෂයෙන් නියාස් කියන පුද්ගලය. නලින්ද ජයතිස්ස මහතා සහරාන් කියද්දී ඔහු හමුවෙන්න ගියේ ඔහුට ලොකු බලයක් තිබුණ නිසයි. හිස්බුල්ලා මහතාසහරාන් වැඩ කළේ මෙත්‍රීපාල සිරිසේනටයි. මම වැඩ කළේ මහින්ද රාජපක්‍ෂට. ඔහු ළග ඡන්ද 2000ක් තියෙන්න ඇති.

වික්‍රමරත්න මහතා
සහරාන් වෙනත් ලබයිකයන්ට විරුද්ධව කටයුතු කළා. නමුත් ඔහුට ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරන්න පොලිසියෙන් අවසර ලැබුණා.

හිස්බුල්ලා මහතා
ඔව්. පර්මිට් ගත්තා. එයා වෛරය පතුරවමින් කටයුතු කළා. නමුත් අවශ්‍ය බලපත්‍ර ලැබුණා.
සහරාන් කණ්ඩායම් රැසක හිටියා. නමුත් එක කණ්ඩායමක ඉන්නේ ටික දවසයි. රණ්ඩු කරගෙන යනවා.

රවී කරුණානායක මහතා
ඔබ අයිඑස්අයිඑස් ප්‍රතිෂ්ප කරනවාද?

හිස්බුල්ලා මහතා
සම්පුර්ණයෙන්ම ප්‍රතිෂ්ප කරනවා. මම ඒක පාර්ලිමේන්තුවේදීත් කිව්වා. එයා ත්‍රස්තවාදියකු වේවි කියලා මම හිතුවේ නැහැ. ප්‍රවෘත්තිවලින් කතාව ඇහුවම මම පුදුම වුණා.

වික්‍රමරත්න මහතා
සහරාන් වෙරි ප්‍රකාශ නිකුත් කළා. පොලිසියෙන් ශබිඳ විකාශන බලපත්‍ර ලබාගෙන.

හිස්බුල්ලා මහතා:
ඔව්. ඔබ හරි. එයා අනෙක් අයගේ මත පිළිගන්නේ නැහැ. අපේ ක්‍රමය වැරදියි කියනවා. නමුත් අනෙක් ආගල අයට පහර දෙන්න කියලා ඔහු කිසි දවසක කිව්වේ නැහැ. මගේ ළග සුළි අය ඉන්න නිසා එයා ඒකට විරුද්ධයි..

නලින්ද ජයතිස්ස මහතා
ඔබ සහරාන්ට විරුද්ධව කෙදිනක හෝ පොලිසියට පැමිණිලි කරලා තියෙනවාද?

හිස්බුල්ලා මහතා
එයාගේ කරදර ගැන විවිධ පැමිණිලි කරල තියෙනවා. නමුත් ඔහු ත්‍රස්තවාදියකු කියලා දැනගෙන හිටියේ නැහැ. එයා නැතිවීම ගැන මම තරම් සතුටු වෙන කෙනකු තවත් නැහැ. 2017 න් පසුව එයා ගමේ හිටියේ
නැහැ. පිට ඉඳලා මොනව කළාද කියලා අප දන්නේ නැහැ. අපට ආරංචි වුණේ. පිටරට ගියා කියලයි. සහරාන් සමග තවත් අය ගමෙන් පිටවුණා. නියාස් එකෙනෙක්.

එම්.ඒ. සුමන්තිරන් මහතා
දිගන සිද්ධියෙන් පසුචි සහරාගේ වෛරි ප්‍රකාශ ඇතුළත් වීඩියෝ දැක්කද?

හිස්බුල්ලා මහතා
දැක්කා. ඒචා දැක්කේ පාස්කු දින ප්‍රහාරවලින් පසුවයි.

නලින්ද ජයතිස්ස මහතා
මේ ප්‍රහාරය ගැන ආරක්‍ෂක අංශ ඔබට කල්තියා දැනුම් දීලා තිබුණද?

හිස්බුල්ලා මහතා
මට කවුරුවත් කිව්වේ නැහැ.

මහාචාර්ය ආශු මාරසිංහ මහතා
කාතන්කුඩියේ යතුරු පැදියක් පිපිරුවා.ඔබ ඒ සිද්ධිය දන්නවාද?


හිස්බුල්ලා මහතා
මට ඔව්. ආරක්‍ෂක අංශ දැනුම් දුන්නා.
මට පරිස්සම් වෙන්න කියලත් කිව්වා.

 රවුෆ් හකින්ම මහතා:
වෙන දේශපාලන පක්‍ෂ ඔහු දිරි ගැන්නුවාද?

හිස්බුල්ලා මහතා
මම හිතන්නේ නැහැ

රවී කරුණානායක මහතා
කාතන්කුඩියේ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන ප්‍රදේශයක්ද?

හිස්බුල්ලා මහතා
නැහැ. අරාබි භාෂාව භාවිතා කරන්න එයා කියලා රටේ නීතියක් නැහැ. ඒක නීතිවිරෝධි නැහැ. අරාබි සංචාරකයන් ඒ ප්‍රදේශයට එනවා, අරාබි භාෂාවෙන් පුවරු ප්‍රදර්ශනය කළේ ඒකයි.

ආශු මාරසිංහ මහතා:
කාතන්කුඩියේ පාරවල්වල රට ඉඳි ගස් වවල ඇයි එහෙම කළේ.

හිස්බුල්ලා මහතා
ප්‍රදේශයේ දේශගුණයට ඔරොත්තු දිය හැකි ගසක් නිසා රට ඉඳි ගස් තෝරා ගත්තා.

ආශු මාරසිංහ මහතා:
එතකොට තල් ගස්.

හිස්බුල්ලා මහතා
තල් හොඳයි නමුත් අප තෝරා ගත්තේ රට ඉඳිගස්.

එම්.ඒ. සුමන්තිරන් මහතා
උතුරු නැගෙනහිර එකතු කළොත් රට ලේ ගංගාවක් වේවි කියලා ඔබ කලකට පෙර කිවිවා. ආයුධ ගරි කියල. .

හිස්බුල්ලා මහතා
මුස්ලිම්වරුන් ඊට විරුද්ධයි. එහෙම කළොත් එවැනි දෙයක් වෙන්න පුළුවන්. එවැනි දේකට ඉඩ නොදෙන එක දේශපාලන අපගේ වගකීමයි.

ආශු මාරසිංහ මහතා
හිරා පදනම පටන් ගත්තේ කවදාද?

හිස්බුල්ලා මහතා
1995දී එය සීමිත සමාගමක් ලෙස සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි කළා.

මාරසිංහ මහතා
ඒකට සල්ලි එන්නේ කොහෙන්ද?

හිස්බුල්ලා මහතා
ඒකට වැඩිපුර සල්ලි එන්නේ සවුදි අරාබියෙන්. ඒ රටේ ධනවතුන්ගෙන්, අප පල්ලි සංවර්ධනයට ඒ මුදල් වැය කරනවා,මිලියන 350ක් විතර දැනට ලැබිල තියෙනවා. මට මඩකළපුව යුනිවර්සිටි කොලේජ් එකක් ඉල්ලුවා. ඒ ගිවිසුම අස්සන් කරද්දී මම නියෝජ්‍ය ඇමැතිවරයෙක්. ටික සම්පුර්ණයෙන්ම නොමිලයේ කෙරෙන වැඩක්. මට බැරි රජය සමග ව්‍යාපාර කරන්න පමණයි. සියලු ළමයි ඒකට ගත්තා. වැඩිපුර ආවේ මුස්ලිම් ළමයි. දෙමළ සිංහල අයත් ආවා.

මාරසිංහ මහතා
මහවැලියෙන් ඊට ඉඩමක් ගත්තා.

හිස්බුල්ලා මහතා
2013 දී ඉඩමක් ඉල්ලුවා. කොමිටියක් පත් කෙරුණ. රජයෙන් වාර්ෂික බලපත්‍රයක් ලැබුණ, අප වර්ෂයකට රුපියල් ලක්‍ෂයක් බදු ගෙවනවා. සියලු අනුමැතින් ගත්තා.

කරුණානායක මහතාඔ
බ ෂරියා ක්‍රමයට ද යන්නේ ?

හිස්බුල්ලා මහතා
ඒක වෙනත් ක්‍රමයක්. ඉස්ලාම් අධ්‍යාපනය, වෛද්‍ය විද්‍යාච වැනි විෂයන් අප ඇතුළත් කළා.

කරුණානායක මහතා
විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අවසරය ලැබුණද?

හිස්බුල්ලා මහතා
අගමික ප්‍රතිපාදන කොමිසමට වැටෙන්නේ නැහැ. තියෙන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේයි. අපේ සෑම සතයක් ග අතම විස්තර දේශීය ආඳායම දෙපාර්තමේන්තුවට යැවීවා,

රවී කරුණානායක මහතා
නමුත් මේ මුදල් ගැන මහ බැංකුව මේ ගැන දැනගෙන හිටියේ නැහැ (හිස්බුල්ලා මහතා නිහඩයි)

ආශු මාරසිංහ මහතා:
 ඔබ වහබ්වාදය අනුමත කරනවාද?

හිස්බුල්ලා මහතා
නැහැ.

මාරසිංහ මහතා 
ණය දුන්නු අය වහබ්වාදී අයඳ?

හිස්බුල්ලා මහතා:
නැහැ. එයාල ප්‍රංශයේ ජීවත් වුණු අය. මෙම විශ්වවිද්‍යාලය හැදුවේ දුප්පත් අයට. මෙතැන ෂරියා කතාවක් නැහැ. මේ කතාව හැදුවේ මාධ්‍ය. මේ ෂරියා විශ්වවිද්‍යාලයක් නොවෙයි. මෙතැන කිසිම ආගමක් උගන්වන්නේ නැහැ. දැන් ආණ්ඩුවට පුළුවන් මේක කරන්ගෙන යන්න. උපකුලපති හැටියට පත් කළේ මහාචාරිය දංගල්ල.

සරත් ෆොන්සෙස්කා මහතා
දුප්පත් අය නම් එන්නේ ණය ගෙවන්නේ කොහොමද?

හිස්බුල්ලා මහතා
අපි මුදල් ගන්නවා. සියයට පනහක් විතරයි ගන්නේ. අපට පොලි ගෙවන්න නැහැ. මාසයකට ගෙවන්න තියෙන්නේ මිලියන 20යි. මට නලින් ද ජයතිස්ස මහතා:ඔබලාට ලැබුණ අක්කර 35යි. නමුත් ඊට වැඩි ප්‍රදේශයක් අල්ලාගෙන තිබෙනවා.