https://www.gossiplankanews.com/2019/06/anusha-damayanthi-speaks.html#more
ළඟදී විවාහ වෙන්නට නියමිත සිනමා නිළි අනුෂා දමයන්ති සිය පමාවූ විවාහය ගැන මෙන්ම කලා තොරතුරු සම්බන්ධයෙන් අප වෙත පසුගියදා ලබාදුන් සම්මුඛ සාකච්ඡාව පහත පරිදිය.

මොනවද මේ දවස් වල අලුත් විස්තර?
මේ දවස් වල ඉතිං සුපුරුදු පරිදි රූගත කිරීම් සහ නර්තන ප්‍රසංග නම් ටිකක් අඩු වෙලා
තියනවා ඇත්ත කියන්න ඕනි. අපේ රටේ වේච්ච දේත් එක්ක මං හිතන්නේ තිබුන වැඩ ගොඩක් අඩුවෙලා තියෙනවා.

නර්තන ශිල්පිනියක් විදියට හඳුන්වනවාටද කැමති රංගන ශිල්පිනියක් විදියටද?
ගොඩක් වෙලාවට ඔය දෙකෙන්ම මාව හඳුන්වනවා. ගොඩක් වෙලාවට සමහර අය මගේ නර්තනයට කැමති තවත් අය මගේ රංගනයට කැමති. ඉතිං මම රංගනයට ඇවිල්ලා තමා නර්තන ශිල්පිනියක් වුනේ. ඉස්සෙලාම මම නර්තනය නිසා ආවා හැබැයි රඟපාන්න තමයි හම්බවුනේ.ඊටපස්සේයි ආයේ නර්තනය.ඉතිං මම හිතන්නේ ඔය දෙකම මගේ නිකන් ඇස් දෙක වගේ.ඉතිං ඒ දෙකෙන්ම හඳුන්වනවාට මම කැමති.

දැන් වෙනකොට මේ ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?

මම හිතන්නේ අවුරුදු 20කට විතර කිට්ටු වෙනවා.

රංගන ක්ෂේත්‍රෙය් සිටින බොහොදෙනා ඉක්මනින්ම වෙන් වෙනවා.ඒකට හේතුව විදියට ඔයා හිතන්නේ මොකද්ද?
ම්ම්ම්..නැ මම හිතන්නේ එක රංගන ක්ෂේතයේ විතරක් නෙමෙයි. මම හිතන්නේ සමාජයේම තියන දෙයක් විදියට මම දකිනවා. රංගන ක්ෂේත්‍රයට වැඩි අවධානය යොමු වෙන්නේ ඔවුන් ජනප්‍රිය නිසා හා ඔවුන් විවාහ වෙලා වෙන්වුනාට පස්සේ ඉක්මනින්ම එක මාධ්‍ය ගතවන නිසා. එහෙම නැත්තම් අද 99%ක් විවාහයන් අසාර්ථකයි වගේම ගොඩක් වෙලාවට ඉක්මනින් විවාහ වෙලා ඉක්මනින්ම විවාහයන් බිඳ වැටෙන ප්‍රතිශතයක් ලංකාව තුලම තියෙනවා.

රංගන ක්ෂේත්‍රෙය් ඉන්න කෙනෙකු ඒ ක්ෂේත්‍රයේම ඉන්න කෙනෙකු සමඟ විවාහ වුනොත් ඒක දිගු කාලයක් තියෙන්නේ නැ නේද?
එහෙම කියන්න බැ.මං හිතන්නේ එක තියෙන්නේ අවබෝධය මත.ගොඩක් වෙලාවට ඒ ක්ෂේත්‍රෙය්ම ඉන්න කෙනෙක් සමඟ විවාහ වුනාම ගොඩක් අවබෝධය වැඩියි.ඔවුන් දන්නවා මේ ක්ෂේත්‍රෙය් වැඩ කරන විදිය.කාලය ගත වන විදිය. වැඩකරනකොට ඒ කණ්ඩායමත් එක්ක තිබෙන බැදීමත් එක්ක කිසිමවිටක වරදවා තේරුම් ගැනීමට අවශ්‍ය වෙන්නේ නැ ක්ෂේත්‍රෙය් අය එක්කම විවාහ වුනාම. ක්ෂේතයෙන් පිටින් විවාහ වුනොත් තමයි සමහර දේවල් හිතන්න පටන් ගන්නේ.මං හිතන්නේ විවාහයේදී තමන්ගේ ක්ෂේත්‍රයේම කෙනෙක් විවාහ කරගන්නවා නම් හොඳයි.ඉකිං එහෙම වුනා කියලා මම හිතන්නේ නෑ එතන වරදක් තියෙවී කියලා.

විවාහය ආයෙමත් කල් ගියා නේද ඒකට හේතුව ?
ඔව්.මගේ ජිවිතේ විවාහය මම දෙපාරක් විතර කල් දාපු කෙනෙක්. හැබැයි ඉතිං මේපාර නම් මම විවාහ වෙන්න සියල්ල සූදානම් කරලා තියෙන වේලාවේ පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය නිසා තමා මෙවර මගේ විවාහය කල් දැම්මේ.ඒ වෙලාවේ දී මම ඇත්තටම නැවතුනා මොකද්ද මේ සිද්ද වුනේ කියලා.අවුරුදු 10ක් නිදහසේ තිබුන රටක් ඒකත් එක්ක මට හිතාගන්න බැරිවුනා. ඊටපස්සේ ටික දවසක් මම බලල මම කල්පනා කරා මෙවැනි ත්තවයක රටම ඛෙදවාචකයට භාජනය වෙලා ඉන්න වේලාවක පවුල් වලට පවුල් අහිමි වෙලා ඉන්න වේලාවක මට පුළුවන්ද කෙනෙකුට ගිහින් මගේ විවාහ උත්සවය තියනවා එන්න කියලා ආරාධනා කරන්න බැරිකම තිබුනා. ඒ වගේම රටේ මිනිස්සු හඬාවැලපෙන කොට මට ගිහිල්ලා ජයට මඟුලක් ගන්න බැහැ කියන මතයට මම ආවා. මගේ කොච්චර බලාපෙරොත්තු තිබුනත් මගේ විවාහය කරන්න පුළුවන් නිසා මම ඒක කල්දනවා මේ සිදුවුන සිද්ධීදාමයත් එක්ක කියලා. එ නිසයි මම කල් දැම්මේ. සැප්තැම්බර් මාසය වනතෙක් පමණයි කල්දැම්මේ.

විවාහ වෙන්න යන කෙනාත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්මද?
නෑ.ඒයා ව්‍යාපරිකයෙක්. ඉස්සර නම් සම්බන්ධවෙලා හිටියා.එයා කොහොමත් කලාවට ආදරය කරන කෙනෙක්. හැබැයි එයා දැන් නම් පුර්ණකාලීනව ව්‍යාපාර කටයුතු වලට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ.

ඔහුව මුණ ගැහෙන්නේ කොහොමද?
එයා රසිකයෙක් මගේ.අවුරුදු 10කට දුර දුවනවා ඒ ආදරේ.ඒකට හේතුව මම 2008 DANCING STAR සහභාගී වෙනවා.ඉතිං  එකේ නර්තනය හරහා තමයි එයා මට කැමතිවෙලා මාව හොයලා හොයලා SIRASAට කතාකරලා මගේ දුරකථන අංකය ඉල්ලලා එයාගේ යාළුවෙක් හොයලා දීලා එහෙම එහෙම තමා එයා මව හොයාගෙන කතාකරේ. කතාකරනකොට ඉතිං අනිත්අයට කතාකරන විදියටම කතාකරා. මම ලොකුවට ගනන් ගත්තේ නෑ.  ඊටපස්සේ දිගට දිගට SMS ආවා. ඒ SMS වලත් පොඩි වෙනසක් තිබුනා. ඊටපස්සේ මාස 6කට විතර පස්සේ එයා මගෙන් කැමතිද ඇහුවා. අකමැති වෙන්න මට කරනාවක් තිබුනේ නෑ ඒ වෙලාවේ. එකත් එක්ක මම එයා ට කැමති වුනා. අවුරුදු 10ක් නොසැලී එයා මම වෙනුවෙන්ම හිටියා ඉතිං මම හිතුවා එයා වෙනුවෙන් මම දැන් විවාහ වෙන්න සුදානම් වෙන්න ඕන කියලා.

දේශපාලනය ගැන මොකද හිතන්නේ ?
දේශපාලනය හොඳ විෂයක්. මේ වෙලාවේ රටේ දේශපාලනය ගැන කතාකරොත් නම් මිනිස්සු දේශපාලනය ගැන මිනිස්සු එක එක මතවාද දරනවා. අපිත් මතවාද දරනවා. දේශපාලනය කියන්නේ රටකට හිතකර වෙන්න ඔන දෙයක්.ඉතිං දේශපාලනය කියන වචනය  මීට වඩා හොඳින් කතා කරන්නට අනාගතේදී දවසක් එවී  කියන විශ්වාසය විතරක් තියෙනවා.



ඉදිරියේදී දේශපාලනයට එන්න අදහසක් තියනවද?
ඉස්සර නම් මට තිබුනේ නෑ.මම දේශපාලන පක්ෂයකට වැඩ කරා.ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන්.ඉතිං අදටත් හෙටටත් මම වැඩ කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් වෙනුවෙන්. පාට පක්ෂ කියනදේට එහායින් ගිය දෙයක් වෙනුවෙන් ඒ මේ රටේ 30වසරක යුද්ධය නිමා කරපු එකම නායකයා,මේ රටට අනාගතයක් ගෙනදුන් එකම නායකයා එතුමන් නිසා.ඉතිං මට පාට පක්ෂ නෑ මම එතුමා වෙනුවෙන් දේශපාලන වශයෙන් වැඩකරනවා කියන මතයක මම වැඩ කරා.දේශපාලනය කියනදේත් එක්ක අපි නිහඬව ඉන්න හොඳ නෑ. අපි වැඩ කරන්න ඕන. දේශපාලනය කියන එකත් ඔනේ නෑ මේ රටට ආදරෙයි නම් ජාතියට ආදරෙයි නම් අපි මේ රටට ආදරය කරන්න ඕන. අනාගතේදී මම දන්නේ නෑ දේශපාලනයට එයි ද නැද්ද කියලා. නමුත් සමාජය තුල ක්‍රියාකාරී කෙනෙක් විදියට මම කටයුතු කරනවා.


මේවර මැතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කරයි කියලද හිතන්නේ?
අපේ විශ්වාසය සහ රටේ බහුතරයකගේ විශ්වාසය ඒ රාජපක්ෂ පරම්පරාව ඇතුලෙන් එන්න ඔන කියලා. මගේ මතයක් තියෙනවා මේ වේලාවේ රාජපක්ෂ කෙනෙක් සිටිය නම් මේ රටට මේ ඛේදවාචකය ඇති වෙන්නේ නෑ කියන විශ්වාසය තියෙනවා. ඒ නිසා අනාගත ගැන හිතන්න වෙනවා රටක් ජාතියක් හැටියට.

රංගන ක්ෂේතයේ තුල ඔයාට ඊර්ෂ්‍යා කරන අය ඉන්නවද?
ඉන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. මම හිතන්නේ ඒක ඉරිසියාව නෙමෙයි. ඒක මම කවදාවත් ඉරිසියාව කියලා දැක්කේ නෑ කගෙන්වත්. හැමෝම කැමති අනිත් කෙනාට වඩා හොඳින් ඉන්න.ඉතිං ඒ වෙනුවෙන් ඒ කෙනා සටන් කරන ක්‍රමවේදය වෙනස් වෙන්නට පුළුවන්. සමහර අය දක්ෂතාවය තුලින් සටන් කරන්නට පුළුවන්.

ලංකාවේ සමාජ මාධ්‍ය (social media)ගැන මොකද හිතන්නේ?
හරිම ජනප්‍රියයි. මම හිතන්නේ අද වෙනකොට සියලුම මාධය වලට වඩා හැමදෙයක්ම ඉක්මනින්ම ජනතාව අතරට තරුණ්‍ය අතරට යවන්න පුළුවන් එකමදේ තමයි socail media කියන්නේ.අපිටත් පවතින්න පුළුවන් ඒ තුළ. හංගන ඇත්ත එළියට ගෙන්න පුළුවන් ඇත්ත ඇතිසැටියෙන් දෙන්න පුළුවන්. මම හිතන්නේ social media සමාජයේ තියෙන්න ඕන දෙයක්.social media එක හැමතිස්සේම තියෙන්න ඕන නිනදා කරන්න අපහස කරන්න නෙමෙයි. හොඳදේ හරිදේ හරි විදියට සමාජගත කරලා මිනිසුන්ව තවත් උසස් මිනිසුන් බවට පත්කරන්නට පුළුවන් දෙයක් වෙන්න ඔනි.

Gossip වලට කැමතිද?
එක එක gossip තියෙනවා. gossip වල හොඳයි නරකයි දෙකක් තියෙනවා. සමහර වෙලාවට gossip කිව්වාම ඇත්තත් තියෙනවා. බොරුවත් තියෙනවා.සමහර gossip වලින් සමහර අයගේ ජීවිත වෙනස් වෙනවා.සමහර අය මනසික පීඩනයට ලක්වෙනවා. සමහර අයගේ ජීවිත ඇද වැටෙනවා. gossip එකක් හොඳයි සතුටුවෙන්න පුළුවන් කාරණාවක් නම් ඇත්තක් නම් ඊට වඩා දෙයක් gossip වලින් අවශ්‍ය වෙන්නේ නැ. මිනිහෙක්ට පහර දෙන්න නින්දා අපහාස කරන්න gossip අවශ්‍ය නැ.

රංගන ක්ෂ්‍රෙත්‍රෙය් ප්‍රමිතිය දැන් වෙද්දී නැති වෙලාද?
නැහැ ප්‍රමිතිය නැතිවෙලා නෙමෙයි. අපි ලොකයත් එක්ක තරඟ කරන වේලාවක ඉන්නේ. අපි විහිදෙන්න ඕන පරතරය වෙනස්. මම තමාත් හිතන්නේ සමහර අවස්ථාවලදී අපි ප්‍රථමිකයි.

අවසාන වශයෙන් රසික රසිකයින්ට මොනවාද කියන්න තියෙන්නේ?
මම හැමදාම එයාලාව දැක්කේ සම්පතක් හැටියට.මගේ ක්ෂේත්‍රෙය් මගේ කලා ජිවිතේදී මට ලොකුම දැවැන්තම ශක්තිය වුනේ ප්‍රේක්ෂකයින්. එයාලාගේ  ආදරය ,සෙනෙහස ,ගෞරවය මට ආභරණයක් වුණා.මගේ වැඩ මම කරන දේ තවත් ජවයකින් කරන්න ඔවුන් මට ජවයක් වුණා. මම ලබාගෙන තියෙන සමහර ලබාගන්න මේ රටේ ඉන්න අහිංසකම දුප්පත් මනුස්සයගේ ඉඳන් මට දායක වෙලා තියෙනවා. ඔවුන් තමා මට අත්පුඩි ගැහුවේ. ඔවුන් තමා මට SMS එකක් ගැහැවේ. සමහරවිට ඔවුන්ව කවදාවත් මම දැකලා නෑ. ඔවුන්ට මාව දකින්න ලැබෙනකකුත් නෑ. නමුත් ඒ ආදරය ගෞරවය මට දුන්නා. ඒ නිසා මාව කොහෙදී දැක්කත් ආදරණීය ප්‍රේක්ෂකයින්ට කියනවා මාත් එක්ක කතා කරන්න කියලා. එවගේම මට ඔවුන්ට ආදරය දක්වන්න පුළුවන් හිනාවකින් වෙන්න පුළුවන්. එක වචනෙකින් වෙන්න පුළුවන්. ඉතිං හැමදාමත් මම මගේ ප්‍රේක්ෂකයින්ට ආදරෙයි. මම මට පුළුවන් හැමදෙයක්ම මගේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් කරනවා කියලා කියන්න ඕනි. ඉතිං ඒ ආදරේ ගෞරවය හැමදාමත් මට මේ විදියට ලැබෙයි කියලත් මම විශ්වාස කරනවා.

සාකච්ඡා සටහන -ජනනි තරුෂිකා
ඡායාරූප - ඉන්දික මල්ලවාරච්චි