ඊයේ ටවුන්ටන්හි පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයකින්
පකිස්තානය පරදා
ඕස්ට්‍රේලියාවට ජය අත්විය.
මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රෙලියා කණ්ඩායම ඕවර 49දී සියල්ලන් දැවී ලබාගත් ලකුණු 307 ඉලක්කය වෙත යාමේදී පකිස්තානය ඕවර 45.4 කදී  266 කට දැවී ගියේය.
ලකුණු 107 ක් ලබාගත් ඩේවිඩ් වෝනර් තරගයේ විරයා විය.
තරගාවලී ලකුණු සටහනේ දෙවැනි තැන රැඳෙන්නේ ඕස්ට්‍රෙලියාවයි.